(විනීතා එම් ගමගේ)
කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.
මැතිවරණ්යික් පැවැත්වීමෙන් පසු අද ආසාදිතව සිටින එජාපයේ කල්ලි දෙකම පොළවේ වැළලෙන ආකාරයත් ජවිපෙ නැත්තට නැතිවී යන හැටිත් රටට බලාගත හැකි වනු ඇතැයි ද සමරවීර මහතා කීය.
ලෝකයේ සියලූ රටවල් මෙවැනි ව්ය්සනයක දී පක්ෂ විපක්ෂ භේදයක් නොබලන්නේ යැයි ද මෙරට විපක්ෂය නොදියුණු සහගත කුහක හා පවිටු අන්දමින් කොවිඞ් 19 තමන්ගේ බඩජාරි පැවැත්මට යොදා ගන්නට උත්සාහ කළේයැයි ද ඔහු පැවැසීය.
ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ පරිපකධාන කාර්යාලයේ අද(17) පැවති මාධ්ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා කියා සිටියේ වත්මන් රජය ලොවටම ආදර්ශයක් දෙමින් වසංගතයක් පාලනය කර සිටිය දී පවා විපක්ෂය තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සදහා සැළසුම් කරමින් ආණ්ඩුවට වරදින්නේ කෙසේ දැයි බලමින් සිටින බවය.
වරක් තිවිධ හමුදාව මේ සදහා යොදාගැනීම වැරදි යැයි කියමින් පපුවට ගහන්නට හැ¥ විපක්ෂය එයින් මානසික බාධාවක් පනවා හමුදා දුර්මුඛ කිරීමට උත්සාහ දැරුවේ යැයි ද හෙතෙම සදහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ තරි් කවිධ හමුදා විශේෂයෙන් බුද්ධි අංශවල පළපුරුද්ද යොදාගැනීම කොරෝනා පාලනය කිරීමේ සුවිශේෂී සාධකයක් යැයි මේ වනවිට මුළු ලෝකයම පිළිගන්නා බව ද හෙතෙම කියා සිටියේය.
කොරෝනා වසංගතය මැනවින් පාලනය කළ ශ්රීර ලංකාව දියුණු යැයි පවසන රටවල්වලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයාගේ නිවැරදි මග පෙන්වීමත් සෞඛ්යං අංශය හා තරිවනවවිධ හමුදාවන්හි කැපවීමත් අනෙක් රාජ්ය් සේවාවන්හි සහයත් මෙන්ම මේ රටේ සබුද්ධික ජනතාවගේ කැපවීම හා පරිත්යාරගයත් නිසා වසංගතය පාලනය කළ හැකි වූ බවත් ලෝකයටම ආදර්ශයක් ලෙස මේ වසංගතය පාලනය කළ හැකි වුණේ ඒ නිසා බවත් හෙතෙම කියා සිටියේය.
එවැනි තත්ත්වයක් තිබිය දී ආණ්ඩුවට සල්ලි නැතැයි කියමින් අනියත බියක් ජනතාව අතර ඇති කරන්නට ද, තවත් විටෙක මේ ලබා දෙන්නේ ඇත්ත තොරතුරු නොවන අතර නිවැරදි සංඛයාලේඛන මීට වඩා වැඩි බව කියමින් ජනතාව රවටන්නට උත්සාහ කළ බව ද බවද සමරවීර මහතා කීය.
එය ද අසාර්ථක වූ තැන විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් දැඟලී යැයි ද ද ඔහු කියා සිටියේය.
මේ සියල්ල කළෙ මැතිවරණ සමයක් ආසන්න අවස්ථාවේ පවතින නිසා මෙන්ම විපක්ෂය අසරණ වී කුජීත වී සිටින නිසා යැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
ඊනියා විපක්ෂයේ කල්ලි දෙකටම අද සටන්පාඨ අහිමිවී ඇතැයි කී සමරවීර මහතා ඉතිහාසයේ නරකම අත්දැකීමකට මුහුණ දෙමින් සිටින්නේ යැයි ද කීය.
විපක්ෂය ගජබින්න දෙසා බාමින් සිටින්නේ කරන්නට දෙයක් නැති නිසා යැයි කී සමරවීර මහතා 2019 වසරේ හැටනමලක්ෂයක් ජනතාවගේ මහා පර සිගතිශීළී ජනවරමට නිදහස් ශ්රීව ලංකාවක් නිර්මාණය කිරීමේ අභිලාශය වෙනුවෙන් ගුණවත් නැණවත් පාර්ලිමේන්තුවක් අවශ්යර වන්නේ යැයි ද කියා සිටියේය.
මේ නිසා ජනාධිපතිවරයාට ස්වකීිය සෞභාග්ය්යේ දැක්ම දිගේලි කරන්නට ද පරසිටජාතන්තරාණයවාදය නැවත වතාවක් අරුත් ගන්වන්ට යහපත් පාර්ලිමේන්තුවක් අවශ්යශ වන්නේ යැයි ද ඔහු කියාසිටියේය.
පළාත් පාලන මැතිවරණය වසර තුනකින් ද, පළාත් සභා ඡුන්දය දින නියමයක් නැතිව ද කල් දමා ඇති පැවැති ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමන්නට කටයුතු කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.
රටේ පර ස ජාතන්තරදමනවාදය වැනසූ, හඩින් ඡන්ද විමසා පාර්ලිමේන්තු අභ්යරන්තරයේ පවා පරවක ජාතන්තරලක්වාදය වැනසූ රටක පරේ ජාතන්තරන්තවාදය යලි ස්ථාපිත කිරීම අවශ්යඩම මොහොතක් උදාවී ඇතැයි ද ඔහු පැවැසීය.
COMMENTS
වැඩිය තප්පුලන්න එපා.
ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවීමේ වාසියෙන් එක රුපියලක්වත් සහනයක් අපට නොදෙන, පොදු ප්‍රවාහනෙත් අවහිර කරන , හම්බුකරන් කන්න තිබෙන මාර්ග අවහිර කර අපි හාමතේ තබපු , මැදපෙරදිග අතරමන් වෙලා සිටපු අපගේ දුප්පත් ශ්‍රමිකයන් පසෙක දමා , ලොකු ලොක්කන්ගේ කට්ටිය පමණක් ඕස්ට්‍රේලියාවේ , ඉන්දියාවේ , චිනේ සහ එංගලන්තේ ඉඳන් ලංකාවට ගෙන්වපු , අඩු මිලට සැමන් පරිප්පු දෙනවා කියල අප මුල කරපු ආණ්ඩුවට කාලගුණ සලකන්න අපිත් බලන් ඉන්නේ මැතිවරණයක් එනකන්... කොරෝන නීති රීති සහ ඇදිරිනීතිය නිසා නිදන්ගත හෘද රෝග වැනි රෝග වලට හරි හැටි ප්‍රතිකාර නොගත් විශාල පිරිසක් මානසික පීඩනය සහ හාමත නිසා ඇතිවූ වෙනත් ලෙඩ රෝග වැළදිලා මරණයට පත්වුණා.
කව්ද මේ ...මෙතුමාට තියෙන්නේ විරුද්ධ පාර්ශිකයන් සමග තියන වෛරයක් .ඒ බව මේ ලිපිය කියවපුවහම මට හැඟුණ දේ ඉතින් ඔබතුමාලට ඕනනම් මහමැතිවරණයක් තියන්න. තමතමන්ගේම හිතට එකඟව කරණ දේශපාලනයක් කරන්න. අපි දන්නවා පක්ෂ විපක්ෂ දේශපාලකින්ගේ කෙරුවාවල්. හැමතැනම බල ලෝබය හා තමන්ගේ වාසිය නොහොත් මඩිය තරකර ගැනීමට පමනයි අපේ රටේ දේශපාලනය කරන්නන් ක්‍රියා කරන්නේ මෙය කාටවත් මඩගැසීමක් නොවෙය්. මෙතෙක් කල් අප රටේ දේශපාලනය කල අය හා කරමින් පවතින අය විසින් අපට දුන් ආදර්ශයකි..
උබලට ටිකකාලෙකින් , කොමිස් ලැබුනේ නෑ, එක හින්ද ඉක්මනට මැතිවරණය තිබුනොත් ගොඩ ගිය හැකියි, වසර 70ක්ම දේශපාලකයෝ හොරකම් කරලා දුප්පතුන් තවත් දුප්පතුන් කොරෝනා කාලේදී තමයි මේක හරියට වැටහුනේ, රටේ වැඩිහරියක් ඉන්නේ දුප්පතුන්, පාරවල් වලට සල්ලි හොරා කාලා, පාලම් ඇස්තමේන්තුවෙන් හොරා කාල, දුප්පතුන් මහා පාරටම ඇදල, හැම පහසුකමක්ම අද ඒ අයට තියෙනවා..
ප‍්‍රධාන කාර්යාලයක කරපු මාධ්‍ය සාකච්චාවක් නිසා අපිට ඔය කතා වැඩක් නෑ.
දැනට මැ.කො. සිටින සභාපති ඉවත් කර ඒ වෙනුවට හිටපු කථානායක කරූ ජයසූරිය පත් කර, කටහඩ අනුව මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන්නේ නම් පවතින වෛරස් ගැටළුව සහ මූදල් වැයවීම අවම කර ගත හැකිය. කවූරු හරි කරුණා කරල ගරු කරු මහත්තයගෙන්, එම සේවය කිරීමට කැමතිද කියල අහල බලන්න.
හා හා.... ඔබතුමා එච්චර හිතට ගන්න එපා. ගෝඨාභය මහත්තය විතරයි මේ ගේම් එකේ හිටියේ. දැන් මෙතන ඇවිත් වීරයෝ වෙන්න හදන්න එපා. මිනිස්සු දන්නව කාටද දෙන්න ඕන කියල... මොකද මමත් ඔය 69 ලක්ශයේ ඉන්නවා..
ව්‍යවස්ථාවට පටහැනිව පත්වූ ජනාධිපතිවරයෙක්ගේ නියෝග මත පවත්වන මහ මැතිවරණයක වලංගු භාවයක් නැහැ. ඇමරිකන් තානාපති කියනව ගෝඨාභය "දැන්" ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයිලු. "දැන්," එනම් 2020 මැයි 8 සිට ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි. මැතිවරණට ඉදිරිපත්වීමට සුදුසුකම විභාගයක් විදිහට ගත්තොත්, ගෝඨාභය විභාගයට ඉල්ලුම් කලේ 2019 අප්‍රේල් 19. විභාගයට ඉඳගන්න ඇමරිකන් තානාපති කාර්යාලය ඇඩ්මිෂන් කාඩ් එකක් නිකුත් කළා. ඔහු ඒ ඇඩ්මිෂන් කාඩ් එක පෙන්නලා තමයි නාමයෝජනා බාර දුන්නේ.... නමුත් මැතිවරණ කොමිසම විභාග ප්‍රතිඵල දැක්කේ නැහැ. ඒකට හේතුව ප්‍රතිඵල නිකුත් වෙලා නොතිබ්බ නිසා. වංචාවක් කරලා තියෙනවා. නාමයෝජනා දෙනකොටත්, දිව්රුම් දෙනකොටත් ඔහු ඇමරිකන් පුරවැසියෙක්. ඒකයි කිසි දවසක MCC SOFA ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල නමින් කිව්වේ නැත්තේ.... එවන් පුද්ගලයෙක් මිනිස් ජිවිත ගැන තැකීමක් නැතුව චන්දෙ ගැන ගිහි පැවිදි හොර දේශප්‍රේමින් ලව්වා කියවන එක පුදුමයක් නෙමෙයි. ජනාධිපතිට මම මෙච්චර විරුද්ධ මොකොද? මුල ඉඳන්ම කිව්වා වගේ බැසිල් සහ ගෝඨාභය මහචන්දෙන් පස්සේ MCC අත්සන් කරන්න ඇමරිකාවට පොරොන්දුවක් දීල තියෙනවා. ඒකයි හදිසිය. මහින්දව දැනටම පැත්තකට කරලා.
ජනතාවගේ අභිලාශය ඔබතුමා දන්නේ කොහොමද? `ජනතාව` කියන්නේ ඔබතුමා සහ පොහොට්ටු කල්ලිය පමණක්ය කියලද හිතාගන ඉන්නේ?
හැට නව ලක්ෂයෙන් ලක්ෂ 10 ක් වත් ඔයගොල්ලන්ට මේ මහා චන්දයේදී ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරණයයි, මහාමැතිවරණයයි පටලවාගත්ත ඇමති කෙනෙක්...!!!
ඔව් මැතිවරණයක් ඕන... ඒ ඕන වෙන්නේ හොරකම් කරන්න නොවෙයි... දැන් ඔය ප්‍රධාන ඔක්කොම බලාගෙන ඉන්නේ ආපහු හොරකම් ටික පටන්ගන්න... එහෙම නැතුව රට හදන්න නොවෙයි...
චන්දෙට ඉස්සෙල්ලා ඩිජිටල් අයිඩී හදලා ICTA හරහා ඕනේ විදිහට චන්ද ප්‍රතිඵල වෙනස් කරන්න හදනවා.
තවත් දෙයක් තියෙනවා කියන්න. පොතුවිල් රජ මහා විහාරය හරහා සිංහල බෞද්ධන් සහ මුස්ලිම්වරු අතර ගැටුමක් ඇති කරන්න හදනවා. මුලතිව් ගුරුකන්ද විහාරය සහ පොතුවිල් රජමහාවිහාරය ගැන සිංහල බෞද්ධයා හඬක් නගන්න පටන් ගත්තේ යහපාලනය කාලේ ඉඳලා. ඒ ආණ්ඩුව ගෙදර යවලා අලුත් ජනාධිපතිවරයෙක් ගෙනාවහම සිංහල බෞද්ධයෝ හිතුවේ ජනාධිපතිවරණෙ ඉවර වුනු හැටියේ මේ විහාර දෙක සහ විනාශ කරපු අනිත් පෞරාණික සිංහල බෞද්ධ විහාර ආරක්ෂා කරයි කියලා. නමුත් මාස 6ක් කිසි දෙයක් කළේ නැහැ. දැන් එක පාරට ජනාධිපති කිව්වා කියල මුහුදු මහා විහාරෙට යනවා. පැහදිලිවම මෙතන යටි අරමුණක් තියෙනව. ඒ හින්ද සිංහල බෞද්ධයන් මේ වෙලාවේ මේ උගුලට අහු නොවී ඉන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. මෙහෙම සල්ලි දීල මැරයෝ දාලා බෞද්ධයෝ කරා කියල මුස්ලිම් දේපල වලට අලාභ හානි කරන්න ඉඩ තියෙනවා. නමුත් සිංහලයන් ඉවසීමෙන් ඉන්න. හැම මුස්ලිම් දෙමළ සිංහල ජාතිවාදී ගැටුමකම පිටිපස්සේ හිටියේ සහ ඉන්නේ දේශපාලකයෝ. මේක අවබෝධ කරගන්න.
මෙයා කියන විදියට UNP එකවත් JVP එකවත් නොව චන්දෙන් පස්සේ නැතිවෙන්නේ ජනතාව. මොකද මේ අය ඔක්කොම (225) එකම තක්කඩි සෙට් එක. කවුරු දිනුවත් ජනතාවට සදා සොත්ති තමා.
ඔහෙට පිස්සුද සිරෝ! මේ රටේ `ජනතාව` කියන්නේ දේශපාලකයන්ට. ජනතාවගේ සිතුම් පැතුම්, බලාපොරොත්තු ඒවා ඔක්කොම දන්නේ. ඒ ගොල්ලෝ. අපි දැන් `හිටපු` ජනතාවගේ තත්වෙට වැටිලා. මෙතනමේ කොමෙන්ට් වලින් චම්පා ළමයාගේ අදහස් මම අගය කරනවා. ඒ කොහොම උනත්, සුගත් ළමයෝ, චීන මාමා හරි ෂෝක්. උන්නැහේ අපිව ඔහෙලව බලා ගනීවි නේද ?
මැතිවරණ කොමිසම මෙයාලට හිසරදයක්... බලය ගත්තු ගමන් (2/3 ලබාගෙන) 19 අහෝසිකරලා මෙයාලාට ඕනඕන විදිහට මැතිවරණ තියන්න ඉඩසලසා ගැනීමට තමයි ඔය මැතිවරණ උණ හැදිලා තියෙන්නේ... මැතිවරණ කොමිසම නොතිබුණා නම් කොරෝනා අස්සේ මැතිවරණයක් තියලා ලංකාවම කොරෝනා රෝගයට ගොදුරු කරන්න තිබුණා..