








සිතුම් චතුරංග
විදේශගතව සිට මෙරටට පැමිණ වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ දී හා වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථකව නිරෝධානය අවසන් කළ 310දෙනෙක් අද (31) සිය ගම්බිම් බලා පිටත්ව ගියහ.
වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ පුද්ගලයින් 104 දෙනකු හා වවුනියාව වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ 206 දෙනක් මෙලෙස දින 14 කාලයක් නිරෝධායනය අවසන් කොට පිටත්වූහ.
පිටත්වූවන් අතර බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක විදේශිකයින් සිව්දෙනකු වන බව යුද හමුදාව පැවසීය.
මෙම පිරිස එංගලන්තය, ලන්ඩන්, නෝර්වේ හා ප්‍රංශයේ සිට පැමිණි පිරිස් වන අතර ඔවුන් පසුගිය 16 වැනිදා මෙරටට පැමිණ ඇතැයිද පැවසීය.
වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ සිටි පුද්ගලයින් 206 දෙනා මෙරට ගුවන් හමුදා කඳවුරකදී සාර්ථකව නිරෝධායනය අවසන්කළ ප්‍රථම කණ්ඩායම වේ.
විශේෂ හමුදා ආරක්ෂාවක් යටතේ නිරෝධායනය අවසන් කළ පිරිස යුද හමුදා හා ගුවන් හමුදාව අයත් බස් රථ හා වෑන් රථ යොදාගනිමින් නිවාස වෙත පිටත් කිරීම සඳහා කටයුතු යොදාතිබිණ.
යුද හමුදාව පැවසූයේ මෙම පිරිස් සෞඛ්‍ය අංශයන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වු පිරිස සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක නිරෝධායනයෙන් අනතුරුව එලෙස නිවෙස් වෙත පිටත් කරන පිරිස් යළිත් දින 14ක් නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසටද උපදෙස් දී ඇති බවත්ය.
මොවුහු වවුනියාව , මුලතිව්, යාපනය , කුරුණෑගල, කොළඹ , මාතර හා ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත සමුදීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි , වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩි.සි.අයි වීරසූරිය යන මහත්වරුන් ඇතුළු යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 04
331
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙරියකාඩුවේ ස්වයං නිරෝධායනය වූ 310 ක් පිටව යති