IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරිභෝගිකයන් 100කගෙන් මුදල් අයකර භාණ්ඩ නොයැවූ ආයතනයක් වටලයි

(මහින්ද නිශ්ශංක)

අන්තර්ජාලය ඔස්සේ භාන්ඩ ඇණවුම් කළ පාරිභෝගිකයින් 100දෙනෙකුගෙන් මුදල් අයකර ඇතත් ඇණවුම් කළ භාණ්ඩ  ඔවුන් වෙත ලබානොදුන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ බෙදා හරින ආයතනයක් කඩුවෙල ප‍්‍රදේශයෙන් අල්ලා ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පස්වරුවේ සමත්විය.

පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ පරීක්‍ෂාවකදී මෙම වංචනික ආයතනයට සම්බන්ධ කොළඹ ප‍්‍රදේශයේ නියෝජිතයකු ඇතුළු සේවකයින් පස්දෙනෙකුද අධිකාරිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙළද ආයතනයේ සදහන් ලිපිනය සම්බන්ධව සිදුකළ සොයා බැලීමේදී එවැනි වෙළද ආයතනයක් ඔවුන් දක්වා තිබු කඩුවෙල කොරතොට ප‍්‍රදේශයේ නොමැති බවත් එය ව්‍යාජ ලිපිනයක් බවත් අධිකාරීයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

පාරිභෝගිකයින් ලැබුණු පැමිණිලි අනුව කඩුවෙල කොරතොට ප‍්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක් පරීක්‍ෂා කළ අධිකාරියේ නිලධාරීන්ට එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු අල්ලා ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම වෙළද ආයතනයට අයත් ගබඩාවක්ද සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙම ගබඩාව පරීක්‍ෂා කිරීමේදී එහි තිබු යෝගට් සහ මිදි කල් ඉකුත් වු ඒවා බවටද අනාවරණය වු බව අධිකාරිය පවසයි.

ඔන්ලයින් ක‍්‍රමයට භාන්ඩ බෙදා හරින මෙම ආයතනය පාරිභෝගිකයින්ගෙන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් භාන්ඩ සදහා අයකර ඇතැයි හෙළි වු බවද පැවැසු අධිකාරියේ නිලධාරියා භාන්ඩ ලබානොදී මුදල් අයකළ සහ වැඩිපුර මුදල් අයකළ පාරිභෝගිකයන්ට මෙම සතිය තුළදී වැඩිපුර අයකළ මුදල් සහ ලබානොදුන් භාන්ඩ ලබාදීමට පියවර ගන්නා ලෙස එම වෙළද ආයතනයට නියෝග කළ බවද පැවසීය.

මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනුලැබු එම ආයතනයේ කොළඹ නියෝජිතයා ඇතුළුසේවකයින් පස්දෙනා බැදුම්කර මත මුදාහළ අතර ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂක ඒ.ඒ. ජසුර් සහ විමර්ශන නිලධාරී දමින්ද අරුණ කුමාර යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.



අදහස් (0)

පාරිභෝගිකයන් 100කගෙන් මුදල් අයකර භාණ්ඩ නොයැවූ ආයතනයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site