තායිලන්තයේ පසුගිය පැය 24 තුළ කොරෝනා වයිරස ආසාදනය වු පුද්ගලයින් 91 දෙනකු සහ එක් මරණයක් වාර්තා වී ඇත.
ඒ අනුව එරට සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1 136ක් දක්වා ඉහල ගොස් ඇති අතර සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව පහකි.
පසුගිය පැය 24 තුළ සිදුවූ මරණය මැලේසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි නරතිවට් පළාතෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
වෛරසය පැතිරීම ආරම්භ වීමේ සිට මේ දක්වා රෝගීන් 97 දෙනකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd