තුර්කියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 98ක් සිදුවී ඇති අතර නව රෝගීන් 4 747ක් තහවුරු වී තිබේ.
මේ අනුව එරට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1006 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පවසන්නේ තුර්කියෙන් මෙතෙක් රෝගීන් 47 029ක් වාර්තා වී ඇති බවයි.
රෝගීන් 2 423ක් සුවය ලබා ඇත.
තුර්කියේ මේ වනවිට කොරෝනා පරීක්ෂණ 30 864ක් සිදුකර ඇති බව ද ෆැරෙටින් මහතා පවසයි.
තත්ත්වය මෙසේ තිබියදී හදිසියේම දින දෙකක කාලයකට ඇඳරි නීතිය පැනවීමට තුර්කි රජය පියවර ගනු ලැබීය.
තුර්කියේ නගර 31කට මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.
ඇඳරි නීතිය පැනවීම හදිසියේම සිදුවූ නිසා බොහෝ පිරිස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා විථි වලට එක් රැස්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සම්බන්දව බොහෝදෙනා රජය විවේචනයට ලක්කළ බවද වාර්තා වේ.
කෙසේවුවද රජය පසුව ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කර තබන බවයි.
තුර්කියේ පාසැල්, ආපනශාලා සහ සංචාරක ව්‍යාපාර වසා දමා ඇති නමුත් කාර්යාල සහ සේවා ස්ථාන තවමත් විවෘතව පවතී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd