IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පැය 24 ක් තුළ ජර්මනියේ කොරෝනා ආසාදිතයින් 5323ක්

ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 5,323 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට එරට තහවුරු කරගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113,525ක් බවට පත්වී ඇතැයි බෝවන රෝග පිළිබඳ රොබට් කෝච් ආයතනය පෙන්වා දෙයි. 

කොරෝනා වයිරසයෙන් ජර්මනියේ පුද්ගලයින් 3,373ක් මියගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ මියගිය සංඛ්‍යාව 266 කි.

රොබට් කෝච් ආයතනය පවසන්නේ ජර්මනියේ රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව මරණ සංඛ්‍යාව ඉතා අඩු බවයි.

ජර්මනියේ මරණ අනුපාතය සියයට එකකට වඩා අඩු මට්ටමක පවතින අතර එය අසල්වැසි යුරෝපීය රටවලට වඩා බෙහෙවින් අඩුය.

ඔවුන් පෙන්වා දෙන්නේ අසල්වැසි ඉතාලියේ මරණ අනුපාතය සියයට 11 ක් තරම් ඉහල අගයක් ගන්නා බවයි.

වයිරස ආසාදිතයන් සොයා සිදුකරන පරීක්ෂණ පුළුල් කිරීමට ජර්මන් රජය ගත් තීරණයට අනුව වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසේ.

වෙනත් ඕනෑම යුරෝපීය රටකට වඩා ජර්මනියේ හොඳ සෞඛ්‍ය පද්ධතියක් පවතින බවත් එය වසංගයකට මුහුණ දීම සඳහා ශක්තිමත් කර ඇති බවත් රොබට් කෝච් ආයතනය පවසයි.

ජර්මන් රජය පවසන්නේ මේ වනවිට ක්‍රියාත්මක වන අගුලු දැමීමේ ක්‍රියාවලිය අවම වශයෙන් අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

 



අදහස් (0)

පැය 24 ක් තුළ ජර්මනියේ කොරෝනා ආසාදිතයින් 5323ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site