IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක්

වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත 2,228 දෙනකු මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 28,446ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

අඟහරුවාදා, එනම් ඊයේ (14) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ 2,228ක් වාර්තා විය. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.

රොයිටර්ස් පුවත් සේවය අද (15) පස්වරු 5.40 වනවිට නිකුත් කළ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 607,794ක් විය.

ලොව තෙවැනියට වැඩිම ජනගහනයක් සිටින රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන වෙනත් ඕනෑම රටකින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන මෙන් තුන් ගුණයකි.

අවසන් වරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පසුගිය සිකුරාදා ය. එදින ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 2,069ක් විය. කොරෝනා වයිරසය හේතුවෙන් ඕනෑම රටකින් මරණ 2,000කට වඩා වැඩියෙන් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.

(055)

 



අදහස් (1)

පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක්

thush Wednesday, 15 April 2020 03:58 PM

මෙයටත් වඩා තත්ත්ව ඉදිරියට ලැබිය හැක. ඔවුන්ට ඇති සදිසිය මෙය දෙගුණ, තෙගුණ කල හැක.... අපිත් හදිසි වීම ගැන පරිස්සම් වීම ඇති මහත්ය.. අප හරියට 'PCR' පැතිරී යන පරීක්ෂණ පටන් ගත්තේ ,මෙම සතියේ ලගදීය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site