පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති.
කොරෝනා වයිරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට ලෙස බ්‍රහස්පතින්දා(19) වනවිට ඉතාලිය චීනය අභිබවා ගියේය. රෝගය ආරම්භ වූ චීනයේ දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාව කිසි විටෙකත් 150 කට ඉක්මවා නොගිය බව සඳහන් වේ.

ඉතාලියේ රෝගීන් සංඛ්‍යාව 47,021 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර දිනයට වඩා 14.6% ක වැඩිවීමක් බව සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි. ලොම්බාර්ඩි හි උතුරු ප්‍රදේශය වඩාත්ම පීඩාවට පත්ව ඇති අතර මරණ 2,549 ක් සහ රෝගීන් 22,264 ක් වාර්තා වී තිබේ.
ආසාදනය වූවන්ගෙන් 5,129 ක් සිකුරාදා වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව දබලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
අන්තෝ ජඨා බහි ජඨා
ඉතාලි ජාතිකයෝ මැරුණු ගාන අපට වැඩක් නැහැ. ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ මරණ ගණන කීයද? ඔවුන්ගේ නම් හා ලංකාවේ ලිපිනයන් ප්‍රසිද්ද කලොත් නේද හොඳ? එසේ නොකොළොත් අපේ අසල්වාසීන් වෙනුවෙන් දානයක් වත් අපට දෙන්න විදිහක් නැති වෙනවා.
තම තමන් අදහන ආගම මොකක් වුනත් කමක් නැහැ මේ වෙලාවේ ගෙදරට වෙලා ලෝක වාසීන් සියලු දෙනාටම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරමු.
මෙම දේහයට මගේ ගෞරවය පුදමි. (නිවන් සුව ලැබේවා...!) මෙම චායාරුපයේ තිබෙන දේහය කොරෝනා වයිරසය නිසා සිදුවූවක් නොවේ. එවැනි දේහයක් පුද්ගලිකව බාර ගත නොහැක. එනිසා මෙය වෙනත් හේතුවකින් සිදුවූ මරණයකි. කොරෝනා මරණවල ඊමේලයක් මගින් පමණක් තමා ආදරය කරන කෙනා අහවල් දින මියගිය බව ගැන දැනගත හැකිවේ. උපරිමය එයයි. ආදාහනය කල ස්ථානය අනාගතයේ දිනක සමහරවිට දැනගත හැකිවෙයි. මෙම දේහයන් සියල්ල දවනු ලැබේ. එයද ඉතාලි කතෝලිකයන්ට අදහා ගත නොහැකි දෙයකි. දුක්ඛිතම දෙයකි.
රෝගය මොනතරම් බයානකද සියලුම පුරවැසියෝ මෙන්ම දේශපාලකයෝ වඩාත් විනය ගරුකව මේ අභියෝගයට එකමුතුව මුහුණ දී මෙය ජය ගත යුතුව ඇත.
මාගේ ශෝකය! මේ රෝගය මැඩපවත්වන්න නම් ආණ්ඩුවට සෞඛ්‍ය අංශයට හෝ වෙන යම් අයෙක්ට තනියම පුළුවන් දෙයක් නෙවේ, ඒ දෙය කල හැක්කේ මිනිස්සු තමන් ගැන පරිස්සම් වෙනවා නම් විතරයි, අනවශ්‍ය ගමන් නතර කරලා සති දෙකක් ගෙදරට වෙලා ඉන්න, එක මහා වැඩක් නෙවේ, රස්සාව නැති වෙයි කියල අවුල් වෙන්න ඕන නෑ, මේ විශේෂ අවස්තාවක් නේ , ඉතින් ටික දවසක් ගෙදරට වෙලා පරිස්සම් වෙන්න,