බිමල් ශ්‍යාමන් ජයසිංහ
පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.
බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාරෙන් හමුවූ 56 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියා ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන බව කියන වකුගඩු රෝගයකට කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 19 වෙනි දින මෙම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබූ බව වෛද්‍යවරිය පැවසුවාය .
එම පුද්ගලයාට 20 දින සවස් කාලයේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි .
එම රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට භාජන කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරස් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහු අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කෙරිණි .
එම පුද්ගලයාව රෝහලට රැගෙන ගිය ඔහුගේ පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ ද ඔහුට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට අනාවරණය විය .
ඒ සමගම රෝගියා සම්බන්ධයෙන් පසු විපරමක් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් හෙලි වූ තොරතුරු අනතුරුව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ ඔහුට ප්‍රතිකාර කල හෙදිය ඇතුළු 69 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණි.
තවද එම පුද්ගලයාට ප්‍රතිකාර කල හෙදිය ඇතුළු 7 දෙනෙකු රෝහල් ගොඩනැගිල්ලේ ඉහල මහලේ නිරෝධනයට ලක් කල අතර රෝගියා රෝහලට පැමිණි අවස්ථාවේ එහි සිටි වෙනත් රෝගීන් තිදෙනකු ද ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධනයට ලක් කෙරිණි .
රෝගියා පදිංචි නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයකට ඉකුත් 19 වෙනිදා දානය ලබා දී ඇත්තේ රෝගියාගේ නිවසෙන් බැවින් එම විහාරස්ථානයේ වැඩ වෙසෙන විහාරධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා 5 නමක් විහාරස්ථානය තුලම ස්වයං නිරෝධනයට ලක් කර එම ප්‍රදේශය විශබීජ හරනයට ද ලක් කෙරෙණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට දානයක් දීමත් පිලිගැනීමත් අනතුරු දායකයි
මේක කියන්න තවම ඉක්මන් වැඩියි.. රෝගීයාට නිරාවරණය වීම සිදු වුනේ අප්‍රේල් 19. PCR පරීක්ෂාව කරන්නේ අප්‍රේල් 22.. දවස් 3කින් කොහොමත් PCR පොසිටිව් වෙන්නේ නෑ.. අවම කාලය දවස් 5ක්. සමහර අයගේ දවස් 9 දි විතර වගේ පොසිටිව් උනේ. අඩුම ගනනේ සෘජු නිරාවරණය වූ අයගේ වත් නැවත පරීක්ශාවන් කලයුතු වෙනවා.
කොරෝනා නැහැ සහ කොරෝනා රෝග ලක්ෂණ නැහැ කියන්නේ කරුනු දෙකක්.
ඔය තියෙන්නේ. දැන්නම් ඡන්දෙ තියන්න කිසිම ප්‍රශ්නයක් නැ
කවුද කොරෝන තියෙනවා කිව්වේ අනෙක අපිට කියලා වැඩක් නෑ. අපි දොස්තරලා නෙවේනේ
කොරෝනා නෑ කියන්න තවම ඉක්මන් වැඩි නේද. දිගටම ස්ටාෆ් එක ටෙස්ට් කරන්න කියන්න. නැතිනම් රෝහල කොරෝන සෙන්ටර් එකක් වෙයි .
මේ රෝගය හැසිරෙන හිතුවක්කාර විදිය මේකෙන්ම පේනවා මේක පුරෝකථන කරන්න බැරි බෙහෙතක් තවම නැති භයංකර රෝගයක්. කණගාටුව අපේ සමහර අයට මේක සතපහක ගණනක් නැතිවීමයි. අනික සමහර මාධ්‍ය විවිධ හේතු හින්ද මේකේ තියන බර මිනිස්සුන්ට දෙන්නේ නැහැ.
දේශප්‍රේමී කොරනා-19 ජනතා ව්‍යාපාරය විසින් චන්දය දැමීමට එන පළමු දහදෙනා මරා දමන බව නිවේදනය කරයි