IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


’පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා නෑ’

බිමල් ශ්‍යාමන් ජයසිංහ

පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත  රෝග ලක්ෂණ නොමැති බවට  වෛද්‍ය වාර්තා මගින්  තහවුරු වී ඇතැයි මහරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.

බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල  පාරෙන් හමුවූ 56 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියා  ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන බව කියන වකුගඩු රෝගයකට කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගැනීම  සඳහා  ඉකුත් 19  වෙනි දින මෙම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබූ බව වෛද්‍යවරිය පැවසුවාය .

එම පුද්ගලයාට 20 දින සවස් කාලයේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි .

එම රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට භාජන කිරීමෙන් අනතුරුව එම   පුද්ගලයාට කොවිඩ් 19 වෛරස් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහු අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කෙරිණි .

එම පුද්ගලයාව රෝහලට රැගෙන ගිය ඔහුගේ පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ ද ඔහුට කොරෝනා  ආසාදිත රෝග ලක්ෂණ නොමැති  බවට අනාවරණය විය .

ඒ සමගම රෝගියා සම්බන්ධයෙන් පසු විපරමක් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් හෙලි වූ තොරතුරු අනතුරුව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ ඔහුට  ප්‍රතිකාර  කල හෙදිය ඇතුළු 69 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණි.

තවද  එම පුද්ගලයාට ප්‍රතිකාර කල හෙදිය ඇතුළු 7 දෙනෙකු රෝහල් ගොඩනැගිල්ලේ ඉහල මහලේ නිරෝධනයට ලක් කල අතර  රෝගියා රෝහලට පැමිණි අවස්ථාවේ එහි සිටි වෙනත් රෝගීන් තිදෙනකු ද ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධනයට ලක් කෙරිණි .

රෝගියා පදිංචි නිවස  ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයකට ඉකුත් 19 වෙනිදා  දානය ලබා දී ඇත්තේ රෝගියාගේ නිවසෙන් බැවින් එම විහාරස්ථානයේ  වැඩ වෙසෙන විහාරධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා 5 නමක් විහාරස්ථානය තුලම ස්වයං නිරෝධනයට ලක් කර එම ප්‍රදේශය විශබීජ හරනයට ද ලක් කෙරෙණි .
 



අදහස් (8)

’පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා නෑ’

Rohana Wednesday, 22 April 2020 08:55 AM

මේ යන විදියට දානයක් දීමත් පිලිගැනීමත් අනතුරු දායකයි

:       0       1

මේනක Wednesday, 22 April 2020 09:29 AM

මේක කියන්න තවම ඉක්මන් වැඩියි.. රෝගීයාට නිරාවරණය වීම සිදු වුනේ අප්‍රේල් 19. PCR පරීක්ෂාව කරන්නේ අප්‍රේල් 22.. දවස් 3කින් කොහොමත් PCR පොසිටිව් වෙන්නේ නෑ.. අවම කාලය දවස් 5ක්. සමහර අයගේ දවස් 9 දි විතර වගේ පොසිටිව් උනේ. අඩුම ගනනේ සෘජු නිරාවරණය වූ අයගේ වත් නැවත පරීක්ශාවන් කලයුතු වෙනවා.

:       0       1

Jayampathi Wednesday, 22 April 2020 09:52 AM

කොරෝනා නැහැ සහ කොරෝනා රෝග ලක්ෂණ නැහැ කියන්නේ කරුනු දෙකක්.

:       0       1

siri Wednesday, 22 April 2020 10:10 AM

ඔය තියෙන්නේ. දැන්නම් ඡන්දෙ තියන්න කිසිම ප්‍රශ්නයක් නැ

:       0       1

rama Wednesday, 22 April 2020 10:51 AM

කවුද කොරෝන තියෙනවා කිව්වේ අනෙක අපිට කියලා වැඩක් නෑ. අපි දොස්තරලා නෙවේනේ

:       0       0

Samansiri Wednesday, 22 April 2020 11:12 AM

කොරෝනා නෑ කියන්න තවම ඉක්මන් වැඩි නේද. දිගටම ස්ටාෆ් එක ටෙස්ට් කරන්න කියන්න. නැතිනම් රෝහල කොරෝන සෙන්ටර් එකක් වෙයි .

:       0       1

jayath Wednesday, 22 April 2020 12:11 PM

මේ රෝගය හැසිරෙන හිතුවක්කාර විදිය මේකෙන්ම පේනවා මේක පුරෝකථන කරන්න බැරි බෙහෙතක් තවම නැති භයංකර රෝගයක්. කණගාටුව අපේ සමහර අයට මේක සතපහක ගණනක් නැතිවීමයි. අනික සමහර මාධ්‍ය විවිධ හේතු හින්ද මේකේ තියන බර මිනිස්සුන්ට දෙන්නේ නැහැ.

:       0       1

thilak Wednesday, 22 April 2020 03:20 PM

දේශප්‍රේමී කොරනා-19 ජනතා ව්‍යාපාරය විසින් චන්දය දැමීමට එන පළමු දහදෙනා මරා දමන බව නිවේදනය කරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1347 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site