(විනීතා එම් ගමගේ)
පෞද්ගලික අංශයේ දැවැන්ත සේවක කප්පාදුවක් සිදුවෙමින් පවතින බව වෘත්තිය සමිති පෙන්වා දෙති.
ඇඟළුම් කම්හල්වල පමණක් අප්‍රේල් මාසය අවසන්වන විට දෙලක්ෂයකට ආසන්න රැකියා ප්‍රමාණයක් කප්පාදු වී ඇතැයි ද වෘත්තිය සමිති පෙන්වා දෙති.
සියයට පණහක් සේවක කප්පාදුවක් සිදුකිිරීමට ඉල්ලා ඇති ආයතන මෙන්ම වසරකට අඩු සේවා කාලයක් ඇති සේවකයින් ඉවත් කිරීමට ඉල්ලා ඇති ආයතන ද රාශියක් පිළිබඳව තම සංගමය වෙත වාර්තා වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
පෞද්ගලික අංශයේ ආයතන කඩා වැටීම පිළිබදව යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට රජය වහා මැදිහත් විය යුතුව ඇතැයි ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
අවම වශයෙන් රුපියල් බිලියන 300 ක් වත් පෞද්ගලික අංශය නගා සිටුවීම සඳහා යෙදවිය යුතුව ඇතැයි ද ව්‍යාපාරවල සිදුව ඇති හානිය සොයා බලා ඒවා වාර්ශික පිරිවැටුම සමග සසඳා බලා අවශ්‍ය උපකාර සිදුකර යුතු ව ඇතැයිද සමරසිංහ මහතා පැවැසීය.
මේ සම්බන්ධව කම්කරු අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදුකළ බව කී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා එහි දී පැමිිණි එකඟතා මේ වනතුරුත් ඉටු නොවු බව ද කියාසිටියේය.

COMMENTS
මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ විශාල ධනපති රටවල් පවා මුහුණදී ඇති ප‍්‍රශ්නයක්. ඇමරිකාවේ පමණක් මිලියන 28 ක් (ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩි) අද රැකියා අහිමි වී සිටිනවා. මෙයට මුහුණ දීමට දැන් රටවල් පිළියම් සොයනවා. ඒ අතරේ විරුද්ධ පක්ෂ බොරදියේ මාළු බාන්න හදනවා. එයින් වන්නේ අනාගත පරපුර තවත් අගාධයට තල්ලු කිරීමයි. මෙය දන්නා වැදගත් මාද්‍යකරුවන් අනවශ්‍ය පුවත් පළකිරීමෙන් වැළකී සිටිනවා.
ඔක ඉතින් වෙන්න තියන දෙයක්නේ... ලංකාවට විතරක් පොදු දෙයක් නෙමෙයි.. ලෝකෙටම බලපානවා වසංගතය ඉවර වෙනකොට...
රටේ ජනතාවගේ මුදල් කොම්පැනි කාරයන් නගා හිටුවන්න නොදී JVP හෝ ව.ස.ගේ මුට්ටි කාසි සල්ලි දීල ධනපති රැකගන්න කියන්න..
3% ක බලයක් තියෙන මිනිස්සු විතරයිනේ මේ කප්පාදුව ගැන කතා කරන්නෙ, චන්දෙ පෙරහැරේ යන අලියන්ට. මේ ගැන සටන් කරන පක්ෂෙට අපහාසෙ විතරයි.
" අපට පුතේ රටක් ඇතේ, අපට පුතේ දැයක් ඇතේ. කුමක් කලත් කොහේ ගියත් උරුමය නුඹටයි පුතුනේ " පෞද්ගලික අංශය කියන්නේ වෙළඳ ලාබ මත යැපෙන අංශයක් මිස හුදක් සේවය මත පමණක් යැපෙන අංශයක් නොවන බව පළමුව තරයේ මතකයේ තබා ගතයුතුවේ. වෙළඳ පොළ බිඳවැටීම යනු පෞද්ගලික අංශයේ ලාබ බිඳ වැටීමක් වේ. සේවකයින් විසින් මෙම දුෂ්කර වකවානුව තුලදී කළහැකි කාර්යයන් නිසා තම සේවායෝජකයා රැක ගැනීමෙන් තමන්ගේ රැකියා සුරක්ෂිත භාවයේ අවස්තාවන් වැඩි කරගත හැක. සියලුම සේවකයින් තම තමන්ගේ පුද්ගලික මතිමතාන්තර අමතක කොට පොදුවේ තම ආයාතනය රැක ගැනීම ගැන පමණක් සිතා හැකි සෑම ආකාරයකින් වෙහෙස මහන්සිවිමෙන් පමණක් තම රැකියා හා ආයතනයන් රැක ගැනීමට කටයුතු කලොත් අපි හැමෝටම මෙම දුෂ්කර අවස්ථාවෙන් ගොඩයාගැනීමේ අවස්තාව උදාකර ගත හැකිවේ. දේශපාලුවන් ගැන පොඩ්ඩක්වත් නොසිතන්න. මෙය ඔබේ හා ඔබෙන් යැපෙන්නන්ගේ ජීවිතයත් මරණයත් අතර සටනක් මිස දේශපාලුවන්ගේ තවත් පන්දු ගැසීමේ අවස්තාවක් ලෙස නොසලකන්න.