( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම මධ්‍යම පොදු වෙළද සැල ,මත්ස්‍ය අලේවි සැල් සේම , මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවත් දැමිමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා ( 11 ) කටයුතු කෙරුණී .
අද (11 ) දින ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග පුත්තලම නගරයේ මධ්‍යම පොදු වෙළද සැල් හා , මත්ස්‍ය අලේවි සැල් හා දිනපතා එළවළු හා පළතුරු අලේවි සැල් සියල්ලම විවෘත විමත් සමග ජනතාව විශාල ලෙස එක් විමත් සමග වහාම එය වැලැක්විම සදහා මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබුණි.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ මහතාගේ මෙහෙය විමේන් පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වන ධනංජය මනෝජ් ., හා අසංක නාමල් යන මහත්වරුන් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් අදාල කටයුතු සදහා එක්වි තිබුණි.
දිනපතා වෙළද පොල තුළ වෙළදුන් ඉවත් කලද එම වෙළදුන්ට වෙනත් ස්ථාන වල ජනතාව රැස් නොවන ආකාරයට වෙළදාම් කිරිමටද අවස්ථාව ඇති බව මෙහිදි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වෙළදාම් කල පිරිස් දැනුවත් කිරිමද සිදුවිණි .



COMMENTS
ඇත්තම කිව්වොත් හිනහත් යනවා. කඩ අරින්න කියනව. ඊට පස්සේ මිනිස්සු බඩු ගන්න ආවහම වහන්න කියනව. දැන් එතකොට කඩ අරින්න කිව්වේ මොකොටද? ඇඳිරි නීතිය දාල තිබිල අයින් කලහම මිනිස්සු බඩු ගන්න පාරට එනවා කියලා තේරෙන්නේ නැති කාර්ය සාධක බලකාය සහ කොරෝනා ලේකම් කෙනෙක් මේ රටේ ඉන්නේ. කොරෝනා අවදානම දැන දැනම මිනිස්සු බඩු ගන්න පාරට එන්නේ ගෙවල් වල කන්න දෙයක් නැතුව ඇති හින්ද කියල හිතෙන්නේ නැතුව ඇති... කොරෝනා ලේකම් කාර්යාලයට. අනිත් අතට කිසි පිළිවෙලක් නැතුව ඇඳිරි නීතිය දානවා. ඊට පස්සේ ආපහු වෙනස් කරනවා නිසා මිනිස්සු හිතනවා ඇති තමන්ට අවශ්‍ය භාණ්ඩ ටිකක් වැඩිපුර හරි ගෙදර ගිහින් තියාගන්න. ආණ්ඩුව තනිකරම අනාගෙන තියෙන්නේ...