හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙසේ ආසාදිතයින් බවට සනාථ වි ඇත්තේ වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු හා අවුරුදු 9 හා 5 ගැහැනු දරුවන් බව කියයි.
මෙම දරුවන් තම මව්පියන් සමග සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි දරුවන් බව කියයි.
මෙම දරුවන් තිදෙනා මුල්ලේරියාව රෝහලට රැගෙන යාමට ගිලන් රථ සුදානම් කර තිබිණි.
COMMENTS
සමාජ වගකීම හඳුනා නොගත් වැඩිහිටියන් ගේ පව් ගෙවන අහිංසක ළමයි.........
නිරෝධායනය කෙසේ වෙතත් දැන් මේවා කොරෝනා බෝකරන මධ්‍යස්තාන බවට පත්ත්වී ඇති බවයි පෙනෙන්නේ ???
පව් අහිංසක දරුවෝ. එකට තියලත් බැහැ. වෙන් කරලත් බැහැ.
බිංකුන්ඩ් චන්න ගේ අදහස්වලට අන්ලයික් කරේ මුස්ලිම් අය වෙන්න ඕනෑ... මොකෝ එකක් වත් එයාලට ලයික් නැනේ...
කොහොම වුනත් මේ නිරෝධායන මධ්‍යස්ථානවල රෝගය බෝවීම වැඩි බවක් තමයි දැන් පෙනෙන්න තියෙන්නේ. ගොඩක් දෙනෙක් නිරෝධායන වෙනකොට කොහොමද එයාලව හුදකලා කරන්නේ වැසිකිලි වුනත් එක්කෙනාට එක ගානේ නැහැනේ. මේ පිලිබදව ලොකු අවදානයක් යොමු කරේ නැත්නම් ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද අද වෙනකොට නිරෝධායන වෙලා ආව දෙන්නකුටම ආසාදනය වෙලා තියෙනවා. ඉතින් ඒ දෙන්න තව කි දෙනකුව ඇසුරු කලාද කියලා කවුද දන්නේ. එයාලට වරදක් කියන්න බැහැ මොකද නිරෝධායන කරලා එතනින් එනකොට එන්නේ තමන්ට රෝගය නැහැ කියලා ලොකු විශ්වාසයකින්. මෙහෙම ගියොත් මුළු රටම විනාස වෙනවා. රටෙන් බාගයක් කොරෝනා වලින් මැරේවි.... ඉතුරු භාගය ඇදිරිනීති නිසා කන්න නැතුව මැරේවි.
කොරෝනා බෝකරන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන ලෝකයේ එකම රට, කාටද ආඩම්බර?
යම් කෙනෙක් මට මේ "නිරෝධායනය " තේරුම් කරලා දෙනවද ? දන්නේ නැති නිසා අහන්නේ.
කොමෙන්ට් කරපු මිනිස්සු දන්නේ නැහැ නිරෝධායනය කියන්නේ මොකක්ද කියලවත්. නිරෝධායනය කියන්නේ කොරෝනා හැදුනු පුද්ගලයන් සමග ඇසුරු කළ( නිවසේ .. අල්ලපු ගෙවල් ..යාලුවෝ ) අය වෙන් කොට තබා දින 14 තුළදී ඔවුන්ට කොරෝනා අසාදනය වෙනවද නැද්ද කියල බලන එකටයි. එහෙම නොකළොත් ඒ අයට ඇසුරු කළ පුද්ගලයන් මෙන්ම අහල පහල පුද්ගලයන්ටද මේ රෝගය අසාදනය වෙලා රෝගය බෝවෙන එක පාලනය කර ගන්න බැරිව යනවා.උදාහරණයක් විදියට නිරෝධායනයට පුදගලයන් 15 දෙනෙකු වෙනකොට තැබුවොත් රෝගය අසාදනය වෙන්නේ මෙම 15 දෙනාට පමණයි. එතනින් එහාට රෝගය පැතිරී යමක් නැහැ.
විජේ ඔබ ඒක පැත්තක් විතරයි හිතන්නේ . එතකොට මෙයාලා ගෙවල් වල හිටියනං ගෙදර අයට අහලා පහළ අයට හැදෙන්නේ නාද්ද .අනික ඔබ නිවුස් අහන්නැති ලංකාවේ වැඩි විස්තරයක් නොදන්නා ඒක කොනයකයින් බලන හැටි තේරෙනවා. එතකොට ඇයි මෙයාලට විතරක් මෙතන තව දෙයක් තියෙනවා එය බලන්න ගිහින් පසුව තත්වත් රෝහලට ඒව වැරදි. ඔබට ඔවා තේරෙනවා අඩුයි හේතුව කරන දෙය හොදයි කියලා හොඳ හිතින් බලන්න ඕනැ. ඔබ වැනි අය තම ඉතාලියේ සිට ආවොත්....