IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

(ටී.කේ.ජී.කපිල)

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21 )දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

ඔවුන් අද (21) දින සවස 6.05 ට පකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පකිස්තානයේ ලාහෝර් නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 93 ක් ද , කරච්චි නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 20 ක් ද මෙම ගුවන් යානය තුළට පිවිසී සිටියහ .

මෙම සිසුන් සියලු දෙනා ගුවන් යානය තුළත් , සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව අසුන් ගන්වා තිබුණි .

ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ වෙත ඇතුළු වූ එම සිසුන් සියලු දෙනා සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු සියල්ල ද , ගුවන් තොටුපළ තුළදී විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .

එසේම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන්ට කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි ගුවන් තොටුපළ තුළ දී විමසිලිමත් වීමක් ද සිදු කෙරුණි .

ඉන්පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් විශේෂ බස් රථ 05 ක් මගින් නිරෝධනය කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.



අදහස් (10)

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

Anura Tuesday, 21 April 2020 02:14 PM

මේ ගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ගහිල්ල තියෙන්නේ ? හුඟක් පාකිස්තානයට ගිය ශිෂ්‍යයෝ ඉස්ලාමිය අන්තවාදීන් වෙලා ගෙදර එන්නේ...

:       117       108

ලක්ශාන්Wednesday, 22 April 2020 03:42 AM

මේ වෙලාවේ ඒ ගැන වද වෙන්නැතුව ඉමු නේද?

:       0       1

vipula Tuesday, 21 April 2020 02:44 PM

ලංකාවේ ගම්බිම් වලට යන්න බැරි වෙච්ච අයට සාධාරණයක් කරන්න. ඒ අයට රුපියල් 5000ක් වත් නැහැ.

:       0       1

Raveendra Tuesday, 21 April 2020 03:00 PM

පුතේ දුවේ, ඔබ සැම ලක් අම්මා ආදරයෙන් පිළිගන්නවා. ඔබලාගේ යුතුකම් වගකීම් රට වෙනුවෙන් කිරීමට කිසිවිට පසුබට නොවෙන්න.

:       0       0

banda Tuesday, 21 April 2020 08:26 PM

පාකිස්තානේ යන්නේ මොන මගුලක් ඉගෙන ගන්නද ?

:       9       18

AjithWednesday, 22 April 2020 06:18 AM

ඔබගේ ප්‍රශ්නයම පේන්නේ ඔබ මොන මගුලක්වත් දන්නැති කෙනෙක් බවයි

:       0       2

nahesh Wednesday, 22 April 2020 12:00 AM

නියමයි ශ්‍රී ලන්කන් .

:       5       71

ධම්ම Wednesday, 22 April 2020 02:53 AM

නොදන්නා දේවල් කතා නොකර ඉන්න එක තමයි වඩා වැදගත්. පකිස්තානයේ වසර පහලවක් රාජකාරි කල බෞද්ධයෙකු ලෙසයි මා මේ කියන්නේ.

:       132       281

de silva Wednesday, 22 April 2020 06:05 AM

මැද පෙරදිග අසරණ වෙලා ඉන්න විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයෝ බේරාගන්න කවුරුත් නැහැ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දරු පවුල්කාරයෝ .

:       0       1

SB Wednesday, 22 April 2020 07:50 AM

මේ පිරිස හමුදාවෙන් පුහුණුව සදහා යැවූ සිසුන් පිරිසක්.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site