(ටී.කේ.ජී.කපිල)
පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21 )දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
ඔවුන් අද (21) දින සවස 6.05 ට පකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පකිස්තානයේ ලාහෝර් නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 93 ක් ද , කරච්චි නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 20 ක් ද මෙම ගුවන් යානය තුළට පිවිසී සිටියහ .
මෙම සිසුන් සියලු දෙනා ගුවන් යානය තුළත් , සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව අසුන් ගන්වා තිබුණි .
ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ වෙත ඇතුළු වූ එම සිසුන් සියලු දෙනා සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු සියල්ල ද , ගුවන් තොටුපළ තුළදී විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .
එසේම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන්ට කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි ගුවන් තොටුපළ තුළ දී විමසිලිමත් වීමක් ද සිදු කෙරුණි .
ඉන්පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් විශේෂ බස් රථ 05 ක් මගින් නිරෝධනය කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ගහිල්ල තියෙන්නේ ? හුඟක් පාකිස්තානයට ගිය ශිෂ්‍යයෝ ඉස්ලාමිය අන්තවාදීන් වෙලා ගෙදර එන්නේ...
ලංකාවේ ගම්බිම් වලට යන්න බැරි වෙච්ච අයට සාධාරණයක් කරන්න. ඒ අයට රුපියල් 5000ක් වත් නැහැ.
පුතේ දුවේ, ඔබ සැම ලක් අම්මා ආදරයෙන් පිළිගන්නවා. ඔබලාගේ යුතුකම් වගකීම් රට වෙනුවෙන් කිරීමට කිසිවිට පසුබට නොවෙන්න.
පාකිස්තානේ යන්නේ මොන මගුලක් ඉගෙන ගන්නද ?
නියමයි ශ්‍රී ලන්කන් .
නොදන්නා දේවල් කතා නොකර ඉන්න එක තමයි වඩා වැදගත්. පකිස්තානයේ වසර පහලවක් රාජකාරි කල බෞද්ධයෙකු ලෙසයි මා මේ කියන්නේ.
මැද පෙරදිග අසරණ වෙලා ඉන්න විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයෝ බේරාගන්න කවුරුත් නැහැ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දරු පවුල්කාරයෝ .
මේ පිරිස හමුදාවෙන් පුහුණුව සදහා යැවූ සිසුන් පිරිසක්.