බ්‍රිතාන්‍ය රජය නව එන්නත් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා පවුම් මිලියන 93ක (ඇමෙරිකානු මිලියන 112ක) අමතර මුදලක් ආයෝජනය කරන බව එරට ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපායමාර්ග දෙපාර්තමේන්තුව පෙරේදා (17) නිවේදනය කළේය.
මෙම නව එන්නත් මධ්‍යස්ථානය විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ 2022 වසරේදී ය. එහෙත් නව ආයෝජනයත් සමඟ එය ලබන වසරේ ගිම්හාන ඍතුව වනවිට ආරම්භ කිරීමේ අරමුණ ඇතිව මෙලෙස අමතර මුදලක් ආයෝජනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
‘‘නව ආයෝජනයත් සමඟ සැලසුම් කළ දිනට වසරකට කලින් එන්නත් මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකිවේවි’’ යැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
‘‘එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානය’’ යනුවෙන් නම් කර ඇති මෙම නව එන්නත් මධ්‍යස්ථානය ඉදි කිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව එන්නතක් නිපදවීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ඉදි කෙරේ. එය එන්නතක් නිපදවීමේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වැඩසටහනේ එක් ප්‍රධාන අංගයකි.
බ්‍රිතාන්‍යයේ විශාල පිරිසකට එන්නත් දීමේ බලාපොරොත්තුව ඇති ව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රොයිටර්ස්
055
2025 නොවැම්බර් මස 21
22
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
140
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
986
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නව එන්නත් මධ්‍යස්ථානයක් සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් මිලියන 93ක ආයෝජනයක්