IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75 ක් විවෘත කරයි

‘කොවිඩ්-19’ වසංගතයේ පාලනය සීමා කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් අද (28) ප්‍රකාශ කළාය.

නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75ක් පමණ විවෘත කරන බවත් අද දිනයේදී නවසීලන්ත වැසියන් 400,000ක් පමණ රැකියාවලට පැමිණෙන බවත් ඇය කීවාය.

ආහාර රැගෙන යා හැකි කඩසාප්පු සහ ආහාර සේවා නැවත විවෘත කරන නමුත් නවසීලන්ත වැසියන් වෙනදාටත් වඩා පරෙස්සම් සහ විමසිලිමත් විය යුතු බවත් ඇය පැවැසුවාය.

‘‘කොරෝනා වයිරසය ආසාදනය වූ අය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින දෙකත් 10ත් අතර දින කිහිපයක් ගන්නවා. ඒ නිසා අපි තවත් සති කිහිපයක් පරෙස්සම් විය යුතුයි. එසේ නොවුණහොත් අපි ලොක්ඩවුන් සීමා පැනවීමට පෙර සිටි තැනට නැවත යනවා. විශාල පිරිසක් රැකියාවලට පැමිණීමත් සමඟ අපි තවත් ගොඩක් පරෙස්සම් විය යුතුයි. වෙනදටත් වඩා විමසිලිමත් වෙන්න ඕනෑ’’ යැයි ඇය කීවාය.

‘‘අපි කොරෝනා අවදානම තුන්වැනි මට්ටමට පහළ දමා තිබෙනවා. නවසීලන්තයේ රැකියා කරන ජනගහනය ලක්ෂ දහයක්. එයින් 400,000ක් අද සිට රැකියාවලට යනවා. අපේ ආර්ථිකයෙන් සියයට 75ක වැඩ සිදුවෙනවා. ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ සිදුවෙනවා. නිෂ්පාදන කටයුතු මෙන්ම වන කළමනාකරණ කටයුතු සිදුවෙනවා. ඒ වගේම ස්පර්ශය සහ සබඳතා අවම සිල්ලර වෙළෙඳ කටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති අද සිට ආරම්භ වෙනවා’’ යැයි ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.

‘ද ගාඩියන්’

055



අදහස් (2)

නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75 ක් විවෘත කරයි

ජයරත්න Tuesday, 28 April 2020 02:10 PM

කොරෝනා අඩු වුණත්, වැඩි වුණත් හැමදාම රට වහගෙන ඉන්න බැහැ. අපි දැන් සීමාවට ලඟා වෙමින් ඉන්නේ.

:       2       15

Bamunuarachchi Wednesday, 29 April 2020 06:49 AM

කොරෝනා නොව මොන වසංගතය ආවත් නිව්සීලන්තය වැනි රටවලට බලපාන්නේ ටික කාලයකටයි. ඊට පසු එමරටවල් නැවත ප්‍රකෘති තත්වයට ලෙහෙසියෙන්ම ගන්න පුළුවන්. ලංකාව වැනි සදාකාලයටම දියුණුවෙමින් පවතින නොදියුණු රටවල් එහෙම ප්‍රකෘති තත්වයනට පත් කොරන්න බැහැ. පළමුව මිනිසුන් ප්‍රකෘති තත්වයට ගත යුතුයි. එය කවම දාකවත් කරන්න බැරිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site