නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් එරට මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ඉන්දියාවේ සියලු කටයුතු මාස දෙකකට ආසන්න කාලයක් අකර්මන්‍ය විය.
මාස දෙකකට පසු අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කරමින් රට විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සැලසුම් කර ඇත.
ඒ අනුව ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා හෙට (25) සිට ආරම්භ වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් වාර්තාගත අයුරින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීම නිසා ඒ සැලැසුම් සියල්ල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇත.
මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්ත තුන මෙසේ නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා ඇත.
ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන සහ කාර්යබහුලම ගුවන්තොටුපොළවල් පිහිටා ඇත්තේ මෙම ප්‍රාන්තවලය.
සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීමට හෝ ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් නැතැයි ද පසුගිය දින කිහිපයේදී කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇතැයි ද එම ප්‍රාන්ත බලධාරීන් මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී ඇත.
අල්ජසීරා/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු නායකයින් ඉන්න රටක්! විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක බලන කොට...