අජිත්ලාල් ශාන්තඋදය
නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30) රාත්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව යන බව කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැදවුම්කරු වූ රොෂාන් වික්‍රමසිංහ මහතා පැවසිය.
ඒ මහතා මේ බව පැවසුවේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ කටුනායක ගුවන් තොටුපලේ සිට සම්බන්ධවෙමිනි.
කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්ධවී ඇති බවද රොෂාන් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
කොරියාවේද කොරෝනා උවදුර ඇතත් තමන් මෙතක් සේවය කළ ආයතනවල විධිමත් සෞඛ්යාරක්ෂක ක්රමයන් පැවති බවද ඔහු පැවසුවේය.
තමන් තවදුරටත් ලංකාවේ රැදී සිටිනවා යනු කොරියානු රටේ රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමේ පසුවු බව කීවේය.
‘මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වයන් නිසා විදෙස් රටවල ඉන්න ශ්‍රීලාංකික ශ්‍රමික ජනතාව වගේම ඉගෙන ගන්න, පුහුණු කටයුතු ආදියට ගිය අය ආපසු ගෙන්වා ගන්න කියලා පිංසෙන්ඩු වෙනවා අපි මාධ්‍යයෙන් දැක්කා. නමුත් අපි මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක් කියලා බොහෝ අය හිනැහේවි. අපි රැකියා කරලා රටට විදේශ විනිමය ගේන්නයි මේ යන්නේ. අපිට කොරියාවේදි කොරෝනා උවදුරෙන් අපි ආරක්ෂා වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියනවා. ලංකාවට කොරෝනා උවදුර ආවේ මාර්තු මාසේ වුණාට කොරියාව ජනවාරි මාසේ ඉදලාම ඊට සූදානමින් කටයුතු කළා.’


COMMENTS
කොරෝනා වල යථාර්තය දන්නා ඔබල දන්නවා මේක කවදාවත් බින්දුව වෙන්නේ නැති බව, එන්නතක් හොයාගන්න කන්. ඉතින් මේක ලෝක විනාසයක් නෙවෙයිනේ, කොරෝනා කරන්නේ අපිව එකතැන තියන එක.., දියුණු වෙන්න නොදී.... ඉතින් අපේ ටාර්ගට් එක වෙන්න ඕන හැකි තරම් සෞඛ්‍ය ආරක්ෂා කර ගෙන (බලදාරින්) කියන විදිහට ඉදිරියට මුහුණ දීමයි.. ඔබ කල දෙය හරි. පරිස්සමෙන් ගිහින් එන්න. ඔබට ජයවේවා...!!!
බොහෝම හොදයි.. කොරියාවෙන් ලංකාවට කොරෝනා බෝ කරලා නැවත කොරියාවට එන්න කියන්න..
බුරුවො ටිකක්...
කොච්චර බැන්නත් ඒ මිනිස්සු කලදේ හරි. මෙහෙට වෙලා ආණ්ඩුවෙන් කීයක් හරි හිඟා කනවා වෙනුවට ඒ අය තම රැකියාව කරගෙන රටට සහ තම පව්ලේ අයට ජීවත්වීමේ මාර්ගයට අවතීර්ණ වුණා. මැරෙන්න යනවෝ කියල අඬන එකාට වඩා මලත් කමක් නැහැ කියල ඉදිරිපත්වෙන එකා ලෝකෙට රටට පවුලට යමක් කරනවා.
දැනට කොරියාවේ අවදානම අඩු වුණු ගමන් ලොක්කෝ වගේ ගියා වගේ නෙවෙයි ඔන්න. ආයෙත් පොඩ්ඩක් වැඩි වුනොත් එහෙම අනේ අපිව ආයේ ගෙන්නගන්න. අපි මෙහෙ මැරේවි අනේ. ඕනෙම කොන්දේසියකට යටත්ව ඉන්නම් කියල නාහෙන් අඬනවා එහෙම නෙවෙයි.
දැනට කොරියාවේ අවදානම අඩු වුණු ගමන් ලොක්කෝ වගේ ගියා වගේ නෙවෙයි ඔන්න. ආයෙත් පොඩ්ඩක් වැඩි වුනොත් එහෙම අනේ අපිව ආයේ ගෙන්නගන්න. අපි මෙහෙ මැරේවි අනේ. ඕනෙම කොන්දේසියකට යටත්ව ඉන්නම් කියලා නාහෙන් අඬනවා එහෙම නෙවෙයි.
කොරියා රැකියා වෙළදපොල අපේ රටේ අනාගතයට බලපාන විනිමය උග්රවන ප්‍රශ්නයට ඉතා වටිනා ස්ථානයක්. ඒවගේම ජපානයට පසු ආසියාවේ තිබෙන බලවත්ම වටිනා මුදල් ඒකකයක් තිබෙන රටක් . හැකි තරම් අපේ රටේ තරුණයන්ට රැකියා සොයා ගන්ට ඒ වෙළදපොල නීති රීති අනුව මේ තරුණයන් මේ අවදානම් අවස්ථාවේ පවා තමන්ගේ රැකියාවට යාම ඉතාම වටිනා ආදර්ශයක් රජය කලයුත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදවා ඉතිරි ශ්‍රමිකයන්ද එරටට නැවතත් පිටත් කර හැරීමයි .
මෙයාල විතරද රටවිරුවෝ , මෙ අය හම්බ කරන සල්ලි දෙන්නේ රටටද ? එහෙම නැත්නම් තමන්ගේ පවුල්වල සුකවිහරනයටද? අනේ අපිව ගෙන්න ගන්න කියන කොට ගෙන්න ගන්නයි .. යන්න ඕනේ කියනකොට යන්න දෙන්නයි . මෙහෙම ආත්මාර්ථකාමී රැලක් .ලංකාවේ තත්වය තේරුම් ගන්න ශක්තියක් නැහැ, වසංගතේ මේ දුප්පතුනට දීල ඇගබේරාගෙන යනවා... ඒ මදිවට සල්ලිවල රැස් පෙන්නනවා . අපි කොහොම හරි මේ වසන්ගතෙන් රටේ ජනතාව බෙර ගන්නම්කො...
මංගල කියනදේ හරි. කොරෝනා 100% අවසන්වන එකක් කියල හිතන්න බැහැ. අපි දැනගන්න ඕන සෞඛ්‍යාරක්ෂිතව ඉඳල බේරෙන්න. මෙක මත්තෙම හිටියොතින් අපේම අනාගතය අඳුරු වෙනවා.. ඊට පස්සේ පවතින ආණ්ඩුවලට බනිනවා. යථාර්ථය තේරුම් අරගත යුතුයි. ඔවුන් ආපසු යන එක නිවැරදියි. අනෙක් රටවල රැකියා කරන අයත් හිතන්න ඕන. අනාගත ආර්ථික කඩා වැටීමත් එක්ක රැකියාව අතහැර ගියපු අයට නැවත රැකියා ලබා ගැනීමට නොහැකි විය හැකි අවදානමක් තියෙනවා. ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවල් මේක තේරුම් ගත්තත් සෞඛ්‍යාරක්ෂාව දුර්වලයි.
ඔය විදේශ විනිමය වගේ නොවේ කොරියාවේ එකවර කොරෝන පැතිරීම වැඩි වුනොත් පාලනය කරගන්න බැරි වුනොත් වෙන ජිවිත විනාශය , මේ අවස්ථාවේ නුවනක්කාරම වැඩේ ලංකාවේ ගෙදරට වෙලා පරිස්සමින් සිටීම...
මෙය හිනාවෙන්න දෙයක් නොවේ. ඒ අය කලදේ හරි. කොහොමත් අපට තව සෑහෙන කාළයක් කොරොනත් එක්ක යන්න වෙනවා. එයට අනුගතවෙමින්, ආරක්ෂිතව තමයි තමන්ගෙත්, රටෙත් ආර්ථිකය සකස්කරගන්න වෙන්නේ...
අනේ දරුවනේ පරෙස්සම් වෙන්න.
මෙතන සමහරු මේ ගිය අය හොදයි කියලා සාධාරණය කරනවා. ඇයි එහෙනම් කොරෝනා අස්සේ ලංකාවට ආවේ. එන්නේ නැතිව එහේ ඉන්න තිබුනානේ. ඔච්චරටම ලංකාවට විදේශ විනිමය එවන්න ඕනෙ නම්. අපිත් පිටරට වල රස්සාව කලා අපිනම් රට ගියේ රටට විදේශ විනිමය එවන්න නෙමේ අපිට දියුණු වෙන්න. ඒ අපේ දියුණුවත් සමග වක්‍රව යම් දෙයක් රටට වෙන්න ඇති. හරියට ගාමන්ට් එකක මහන ගැහැනු ළමයි වගේ ඒ අයත් ඒ රස්සාව කරන්නේ තමන්ගේ ජීවිතය යහපත් කර ගන්න. ඉතිං ඔවුන්ගේ රැකියාව නිසාද ඔවුන්ද වක්‍රව මේ රටට විදේශ විනිමය ගේන්න සේවයක් කරනවා. නමුත් ඔවුන්ගේ පළමු දේ රටට විදේශ විනිමය ගේන එක නෙමේ ජීවතය යහපත් කර ගැනීම. විදේශ වල රැකියාව කරන අයගේත් බලාපොරොත්තුව ඒක තමයි. කවුරු හරි හිතනවා නම් පිටරට වැඩ තරන්නේ විදේශ විනිමය රටට එවන්න කියලා ඒක ලොකුම බොරුවක්. එක අවුරුද්දක් ඔය කියන අය ගෙදරට සල්ලි නොදා ඉන්න ගෙදර අයට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තේරෙයි රටට විදේශ විනිමය එවනවා කියන අය රට ගියේ ඇයි කියලා. හැමෝම හැම දේම කරන්නේ තමන්ගේ යහපතට එයින් වක්‍රව රටට යමක් ලැබෙනවා... ඒක සෘජු දායකත්වයක් නෙමේ. රටට සෘජු දායකත්වයක් තම රැකියාව නිසා ලබා දෙන්නේ ත්‍රිවිධ හමුදාව විතරයි.
රටේ ප්‍රශ්න ගොඩකට හේතුව ණය අරන් රුපියල් පහල යන්න නොදී තියන් ඉන්න එක. ආනයන අපනයන වෙනස අනුව රුපියල ආවප්රමාන උනා නං ලංකාවෙ නිශ්පාදන වලට ඉල්ලුම වැඩි වෙනව, මේ වගේ රට සල්ලි ගේන්න තවත් අය දිරිමත් වෙනවා.
පරිස්සමින් ගිහින් එන්න. අවසානය ගොඩක් දුරින් තියෙන කොරෝනා ජය ගන්න මෙවැනි තීරණ අවශ්‍ය වෙනවා.
මෙතන බොහෝ පිරිසක් තම තමන්ගේ බුද්ධිමත් භාවය මොනවට ඔප්පු කරලා තියනවා. නිසි අධ්‍යාපනයක් නොලද අය හැසිරෙන හැටි. මේ බොහොමයක් කමෙන්ට්ස් කියවනවිට වැටහෙන්නේ අධ්‍යාපනයේ ඇති වටිනාකම. වෙන මොනවත් කියලා වැඩක් නෑ මේ වෙලාවේ..
දරුවනේ, දුප්පත්කම නිසා පිටරටකට ගොසින් අනේක වාරයක් දුක් මහන්සි වෙලා යම් කිසි මුදලක් උපයා ගෙන පව්ලේ අයට උදව් කරන ඔබලා පරිස්සම් වෙන්න. ඔබලාට කිසිම දුකක්, කරදරයක් , විපතක් වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා. ශුභ ගමනක් ! නැවත ආපසු ශ්‍රී ලංකා මාතාවගේ තුරුලට එනවිට සිනාමුසු මුහුණෙන් එන්නට ලැබේවි කියා මම ප්‍රර්ථනා කරමි !