IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා

 

(නිමන්ති රණසිංහ)
 
නාවික හමුදාවේ සාමාජිකයින් 439 දෙනෙකු මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
එම සාමාජිකයින්ගෙන් 61 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සිදුකර පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් බැහැර වී ඇති බවත්, මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 378 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් යුධ හමුදාපතිවරයා ස`දහන් කළේය.
 
යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (13)  සවස පැවැති මාධ්‍ය හමුවකදීය.
 
ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (පුද්ගලයින් 12), පම්පේමඩු (පුද්ගලියින් 129), දම්මින්න (පුද්ගලයින් 69) සහ නාවික හමුදා පවුල් නිරෝධායන මධයස්ථාන (පුද්ගලියන් 98) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 435 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණය සිදුකර අද (13) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුධ හමුදාපතිවරයා සදහන් කළේය.
 
ඒ අනුව, අද (13) දින වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8099 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුධ හමුදාපතිවරයා පැවසීය.
 
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක පුද්ගලයින් 3444 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (0)

නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 174 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1034 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site