IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 ක්

(විනීතා එම් ගමගේ)

දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 දෙනෙක් මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව කියයි.

ශ්‍රී  ලංකා යුද හමුදාව නිකුත් කර ඇති තොරතුරු අනුව දියතලාව, කන්දකාඩු, මඩකලපු, යාපනය හා අම්පාර යන ප‍්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර මෙම පිරිස එහි නිරෝධායනය වෙමින් සිටිති.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 52 ක් ආරම්භ කර ඇති අතර 4905 දෙනෙක් එහි නිරෝධායනය වී තිබේ. විදේශිකයන් 31 දෙනෙක් ඇතුළු විදෙස් රටවලින් පැමිණි 3577 දෙනෙක් ද රට අභ්‍යන්තරයෙන් හමුවූ 1328 දෙනෙක් ද මෙම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වුහ.

මේ පිරිස අතරින් විදෙස් රටවලින් පැමිණි 36 දෙනෙක් හා මෙරටින් නිරෝධායනයට ලක්කළ 25 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගනු ලැබූ  බව ද හමුදා මාධ්‍ය අංශය කියයි.

ඉකුත් පෙබරවාරි පළමුවැනිදා පළමු නිරෝධායන මධ්‍යස්ථානය දියතලාවේ ආරම්භ වූ අතර වූහාන් හි සිට මෙරටට ගෙන්වා ගනු ලැබූ සිසුන් 33 දෙනා නිරෝධායනය කරමින් මෙරට නිරෝධායන වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබීය.

අනතුරුව මාර්තු 10 වැනිදා කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානය ආරම්භ වූ අතර එතැන් සිට දිවයින පුරා මෙම මධ්‍යස්ථාන ආරම්භ කරනු ලැබීය.

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලින් ගුවන් හමුදාව විසින් තුනක් ද නාවික හමුදාව විසින් දෙකක් ද ඉතිරිය යුද හමුදාව මගින් ද පවත්වාගෙන යනු ලබයි.

 



අදහස් (0)

නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site