ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
පිලියන්දල කහපොල රෙජිඩෙල්වත්ත ප්‍රදේශයේ නිරෝධායන නිවසක තරුණයින් දෙදෙනෙකු අතර වූ ගැටුමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා රෝහලෙන් පලාවිත් ඇති බවට වාර්තා වේ.
මෙම පුද්ගලයා 2 දා සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.
මෙම පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය ගැනීමට පුරුදු වූවන් වන අතර ඔවුන් මේ වන විටත් ගම පුරා ඔබ මොබ ඇවිදිමින් ගම්වාසීන් මහත් භීතියට ලක් කරමින් සිටිනා බවටද තොරතුරු වාර්තා වේ.
මේ අතර මොවුන් පාලනය කිරීම සඳහා ඉකුත් (1)දා සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව මෙම නිවසට සැපයීමට පිළියන්දල පොලිසිය පියවර ගෙන තිබුණි.
එසේම මෙම නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නිකුත් (2) දා සිට අධිකරණ නියෝගයක්ද ලබා ගෙන තිබූ අතර මේ දක්වා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන නොතිබීම ගම්වාසීන්ගේ මහත් කුතුහලය උපදවන කාරණාවක් කාරණාවක්ම පත්ව තිබේ.
මෙම නිවස නිරෝධායනය නිවසක් බවට නම් කරනු ලැබූයේ ඉකුත් 31දා කළුබෝවිල රෝහලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයා ප්‍රතිකාර ලැබූ පහ වාට්ටුවේ සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගිය පුද්ගලයෙකු මෙම නිවසේ වාසය කරති.
COMMENTS
පොලිස්පතිතුමනි, මොවුන්ව ආයුධ පෙන්නන්න රුගෙන යන්න.
ඔබ මොබ නිදැල්ලේ ගමන් කරන ඔහු වෙඩී වැදි මියගියහොත් ගම්වාසීන් කලබල විය යුතු නොවෙ යැයි මට සිතේ...
ජනපතිතුමනි,පොලිස්පතිතුමනි, පිලිපීන ජනපතිතුමා අනුගමනය කරමු. මෙවැන්නන් පාලනයට වෙනත් මගක් නොමැත. අනික කුඩ්ඩන්, බේබද්දන් පාලනය කිරීම පව්ලේ අයට කරන්න පුළුවන් දෙයක් නොවේ.
අප මෙය සදහන් කලේ මිට දින කීපයකට පෙර අනුරාධපුර සිරගෙදර ඇතිවූ සිද්ධිය සමග සංසන්දනය කර බව කීමට කැමැත්තෙමු. මෙවන් විෂබීජ කිසිදු සමාජයක නිදැල්ලේ හැසිරීමට ඉඩ නොදිය යුතු බවත් දුටු තැන වෙඩිතබා මරා දැමීම කල යුතුමය.. " වැඩි පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් " අර හිමිකම් මේ හිමිකම් ගැන කතාකරන ඩොලර් වලින් යැපෙන දේශද්‍රෝහින්ටද මෙය අදාල වේ . එමගින් ඕන එකටයි එපා එකටයි "තම හොම්බ " දමන එම තිරිසනුන්ද තම ක්‍රියා කලාපය ගැන දෙවරක් සිතීමට පෙලෙබෙනු ඇත.