(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන කටයුතු වෙනුවෙන් කටුනායක සිට වව්නියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අද අලුයම (14) ඒ9 මාර්ගයේ කැකිරාව හෝරාපොල මංසන්ධියේදී අනතුරට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ බස් රථයේ රියදුරු පමණක් වන අතර රියදුරුට නින්දයාමෙන් බස්රථය මාරගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. සිදුව ඇති අනතුරෙන් බස්රථයටත් දුරකතන රැහැන් කණුවකටත් හානි සිදුව තිබේ.
යුද හමුදාවට අයත් අනතුරට පත් එම බස් රථය වව්නියාව පොම්පෙමඩුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකුගෙන් යුත් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් තිබීයදී මෙලෙස අනතුරටපත්ව ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් රථවාහන අංශය හා යුද හමුදාව මගින් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාල බස් රථය හා එහි රියදුරු සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් ප්‍රදේශවාසී ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි පොලිසිය කියයි.


COMMENTS
වෙහෙස වී කටයුතු කරන යුද හමුදා නිලධාරීන්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබාදිය යුතු නොවේද?
අයියෝ... ඒ වැඩේ හරියට කරන්න බැහැනේ.. නිදිමත නම් පොඩ්ඩක් අයිනකට දාලා නිදාගත්තම කව්රුවත් මොකවත් කියන්නේ නැහැ.. දැන් කොච්චර පාඩුද?
බස් රථ පිටරටවල් වලින් ගෙන්නනවා වගේම බස්රථ රියැදුරන් පිටරටවල් වලින් ගෙන්නුවොත් තමයි හොඳ.. මොකද අපේ බස් රියදුරන්ගේ රිය පැදවීම නම් අන්තිමයි.
පොඩි කොල්ලන්ව මරව මරවා වැඩ ගැනීමෙන් ජාතියට වෙන අනතුරු පාඩුව නිමක් නැහැ. මේ රියදුරු ස්ථිරවම පැය අටකට වඩා වාහනය එලවා තිබෙන බව අනුමාන කළ හැකියි. අැයි රියදුරන් දෙන්නෙක් දැම්මේ නැත්තේ මාරුවෙන් මාරුවට එළවන්න. දැන් මේක රියදුරුගේ කරපිටින් දාලා හැමෝම අත සෝදාගනීවි.
ලොකුම විහිලුව කටුනායක සිට වවුනියාව, මඩකලපුව වැනි දුර ප්‍රදේශවලට නිරෝධායනය සඳහා රැගෙන යාමයි. පොහොට්ටුවේ දේශප්‍රේමී ජනතාවගෙන් එල්ල වූ විරෝධය නිසා වියයුතුයි.
යුද හමුදා හෝ හමුදාවට අයත් වාහන පදවනවා නොව ඉගිළෙන බව දැන නොදැන වගේ ක්‍රියා කරන අයට නිවන් සැප ලැබේවා !
අඩුම තරමින් 2ක් වත් ඉන්න එපායැ... රියදුරන් ලෙස තනි මිනිසෙකුට එක දිගටම පැය 18ක් වාහනයක් පැදවිය හැකිද කියලා නොතේරෙන්නේද? රියදුරු මහතාගේ වරදක් නොවේ ලෝභකමයි මේ...