IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිරෝධායන කටයුතු වල යෙදූ බස් රථයක් අනතුරට

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන කටයුතු වෙනුවෙන් කටුනායක සිට වව්නියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අද අලුයම (14) ඒ9 මාර්ගයේ කැකිරාව හෝරාපොල මංසන්ධියේදී අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ බස් රථයේ රියදුරු පමණක් වන අතර රියදුරුට නින්දයාමෙන් බස්රථය මාරගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. සිදුව ඇති අනතුරෙන් බස්රථයටත් දුරකතන රැහැන් කණුවකටත් හානි සිදුව තිබේ.

යුද හමුදාවට අයත් අනතුරට පත් එම බස් රථය වව්නියාව පොම්පෙමඩුව ප්‍ර‍දේශයේ පිහිටි කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකුගෙන් යුත් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් තිබීයදී මෙලෙස අනතුරටපත්ව ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් රථවාහන අංශය හා යුද හමුදාව මගින් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාල බස් රථය හා එහි රියදුරු සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් ප්‍රදේශවාසී ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි පොලිසිය කියයි.



අදහස් (8)

නිරෝධායන කටයුතු වල යෙදූ බස් රථයක් අනතුරට

gayan lakmal Saturday, 14 March 2020 06:27 AM

වෙහෙස වී කටයුතු කරන යුද හමුදා නිලධාරීන්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබාදිය යුතු නොවේද?

:       24       109

p.d goonawardena Saturday, 14 March 2020 07:02 AM

අයියෝ... ඒ වැඩේ හරියට කරන්න බැහැනේ.. නිදිමත නම් පොඩ්ඩක් අයිනකට දාලා නිදාගත්තම කව්රුවත් මොකවත් කියන්නේ නැහැ.. දැන් කොච්චර පාඩුද?

:       100       101

Ruhunu Saturday, 14 March 2020 07:03 AM

බස් රථ පිටරටවල් වලින් ගෙන්නනවා වගේම බස්රථ රියැදුරන් පිටරටවල් වලින් ගෙන්නුවොත් තමයි හොඳ.. මොකද අපේ බස් රියදුරන්ගේ රිය පැදවීම නම් අන්තිමයි.

:       115       142

chandimaSaturday, 14 March 2020 12:41 PM

ඔය ගුණවර්ධනද? නැතිනම් ගොන් වර්ධනද?

:       23       4

kamal Saturday, 14 March 2020 08:05 AM

පොඩි කොල්ලන්ව මරව මරවා වැඩ ගැනීමෙන් ජාතියට වෙන අනතුරු පාඩුව නිමක් නැහැ. මේ රියදුරු ස්ථිරවම පැය අටකට වඩා වාහනය එලවා තිබෙන බව අනුමාන කළ හැකියි. අැයි රියදුරන් දෙන්නෙක් දැම්මේ නැත්තේ මාරුවෙන් මාරුවට එළවන්න. දැන් මේක රියදුරුගේ කරපිටින් දාලා හැමෝම අත සෝදාගනීවි.

:       69       117

Kamal Saturday, 14 March 2020 08:31 AM

ලොකුම විහිලුව කටුනායක සිට වවුනියාව, මඩකලපුව වැනි දුර ප්‍රදේශවලට නිරෝධායනය සඳහා රැගෙන යාමයි. පොහොට්ටුවේ දේශප්‍රේමී ජනතාවගෙන් එල්ල වූ විරෝධය නිසා වියයුතුයි.

:       180       392

rana Saturday, 14 March 2020 10:45 AM

යුද හමුදා හෝ හමුදාවට අයත් වාහන පදවනවා නොව ඉගිළෙන බව දැන නොදැන වගේ ක්‍රියා කරන අයට නිවන් සැප ලැබේවා !

:       2       22

hesa Monday, 16 March 2020 01:00 AM

අඩුම තරමින් 2ක් වත් ඉන්න එපායැ... රියදුරන් ලෙස තනි මිනිසෙකුට එක දිගටම පැය 18ක් වාහනයක් පැදවිය හැකිද කියලා නොතේරෙන්නේද? රියදුරු මහතාගේ වරදක් නොවේ ලෝභකමයි මේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site