(නිමල් ජයරත්න)
යුද හමුදා අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු අවසන් කළ අටවන කණ්ඩායම අද (31) නිවෙස් බලා පිටත්ව ගියහ.
කුවෙට් සහ කටාර් යන රටවල් වල සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 11 දෙනෙකුගෙන් යත් පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය බව නැගෙනහිර ආරක්ෂක සේනාංකයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසීය.
මාතලේ, කුරුණැගල සහ පුත්තලම යන ප‍්‍රදේශවලට යුද හමුදාවේ බස් රථයකින් සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් හමුදා ආරක්ෂව මැද මෙම පිරිස පිටත්ව ගිය බව යුද හමුදාව කීය.
ඉකුත් 24 වැනිදා සිට මේ දක්වා වැලිකන්ද කන්දකඩුව, ගල්කන්ද සහ පුනානි යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය වී ශ්‍රී ලාංකික සහ විදෙස් ජාතිකයින් 1117 දෙනෙකු පිටව ගිය බව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසීය.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් ශ‍්‍රී ලාංකිකයින් සිවු දෙනෙකු නිරෝධායන කටයුතුවල නිරතවන අතර ඔවුන් පළවෙනිදා දිනයෙදි නිවෙස් කරා පිටවිමට නියමිත බවද එම හමුදා නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
මිට අමතරව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිට තවත් ශ‍්‍රී ලාංකිකයින් 86 දෙනෙකුද අපේ‍්‍රල් 01 වෙනිදා දිනයෙදි ගම්බිම් බලා පිටව යැමට නියමිතව සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිරෝධායනය අවසන් කළ 8 වැනි කණ්ඩායමත් පිටව යයි