(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කන්දකාඩු නිරෝධායන මධ්‍යයස්ථානයේ නිරෝධානයට ලක් වූ පිරිසක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා පැමිණෙමින් සිටි යුද හමුදාවට අයත් බස් රථයක් අනතුරට ලක්විමෙන් තිදෙනකු තුවාල ලබා හොරණ මුලික රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.
කිලෝමීටර් 15 . 2 බණ්ඩාරගම කොලමැදිරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙි.
විදේශිකයන් පිරිසක් රැගත් බස් රථයක් යුද හමුදා බස් රථයේ ගැටී ඇති බව ගැලනිගම දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ විදේශිකයන් රැගත් බස් රථයේ රියදුරු හා සහයකයා , හමුදා සෙබලෙක් බවත් පොලිසිය සදහන් කරයි.
සිදු වූ අනතුරෙන් බස් රථ දෙකටම දැඩි අලාභ හානි සිදු වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිවේ බස් අනතුරු වෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. මේ යුද හමුදා බස් රථයක් අනතුරුට පත් වූ දෙවන අවස්ථාව.
මගේ අවු 20ක විතර පිටරට අධිවේගී මාර්ග රියදුරු පළපුරුද්දෙන් මේ කියන්නේ. ලංකාවෙ අධිවේගී මාර්ගවල නීති සහ දැන්වීම් පුවරු සම්පූර්ණයෙන්ම සංශෝධනය කල යුතුයි. දැන්වීම් පුවරු දාල තියෙන විදියට නොදන්නා කෙනෙකුට බෙහොමයක් තැන්වල නියමිත මාර්ග සොයාගන්න ඉතාමත් අපහසුයි. විශේෂයෙන් කඩවත ප්‍රදේශයෙන් අධිවේගීමාර්ගයට පිවිසීමේදී එක උදාහරණයක්. වාහන වේග සීමාව ලොරි,බස් සහ වෙනත් බර වාහන වේගය කි.මී පැය 80 යුතුයි සැම විටම. සැහැල්ලු වාහන වේගය කි.මී පැය 80 සිට 100 හෝ 120 දක්වා වියයුතුයි. රජය මගින් පාලනය වන හෝ රජය සහතික කරන ලද මධ්‍යස්ථාන පිහිටුවා, අධිවේගී මාර්ගවල ගමන් කිරීමට බලාපොරොත්තු වන වාහන සදහා සහතිකයක් සහ ස්ටිකරයක් ලබාදියයුතුයි. මෙම ස්ටිකරය වාහනයේ ඉදිරිපස ඇලවීමට හැකිවියයුතුයි. මා මේ පවසන්නේ දුම්සහතිකය ගැන නොවේ.
දුම්සහතිකය වනාහී සාමාන්‍ය ජනතාව පෙලන දෙයක් මිස වෙන කිසිවක්ම නොවේ. මහාමාර්ග වල දුම් වළාකුලු පිටකරගෙන යන බස් ලොරි දුටුවිට මේ දුම්සහතිකය ගැන ඇතිවන්නේ මාරාන්තික පිළිකුලකි. ඉහත කී මධ්‍යස්ථාන මගින් සියලුම වාහන වාර්ෂිකව පරීක්ෂාකලයුතු අතර එමගින් වාහන දුම් පරීක්ෂාවට අමතරව අධිවේගී මාර්ගවල නිතර ගමන්කිරීමට අවශ්‍යවන වාහනහිමියන් සදහා අමතර ගාස්තුවක් ගෙවා වාහනයේ තිරිංග, අවශ්‍යවන ලාම්පු, ටයර්, සුක්කානම යන අත්‍යාවශ්‍ය උපාංගවල තත්ව පරීක්ෂාවක් කර සමත්වූ වාහන සදහා ස්ටිකරයක් ලබාදියයුතුයි. මෙම තත්ව පරීක්ෂාවේදී වාහනයේ නිෂ්පාදිත වර්ෂයේ සිට අවු 3ක් දක්වා මෙම තත්ව සහතිකය හෝ දුම්සහතිකය අවශ්‍ය නොවේ. එමෙන්ම මෙම තත්ව සහතිකය නොමැතිව වුවද අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවසර දියයුතු අතර එම වාහන සදහා රු 150කට නොවැඩි අමතර ගාස්තුවක් අයකර එම මුදල් රක්ෂණ අරමුදලක් සදහා බැරකල යුතුය.
එමෙන්ම ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බොහොමයක් රියදුරන් නොදැනුවත්කම නිසා කරන නීති කඩකිරීම් නිසා මෙම අනතුරු සිදුවීමේ අවදානම වැඩිබව පෙනෙන කරුණකි. ඉදිරියෙන් යන වාහනය පසුකිරීමට පෙර දකුණු මංතීරුවේ වාහන එනවාද යන්න විමසිලිමත්නොවීම, එසේ වාහනයක් එනවිටදීත් දකුණුමංතීරුවට මාරුවීම, වාහනයක් පසු කිරීමෙන් පසු එකවිටම පසුකල වාහනය ඉදිරියෙන් වම්පස මංතීරුවට මාරුවීම සහ තවත් නොයෙකුත් වැරදි බොහොමයක් ඉදිරිපත් කිරීමට හැක. මේ සියලු වැරදිවලට හේතුව වන්නේ නොදැනුවත්කම මිස වෙනකක් නොවේ. මේ සඳහා අවශ්‍ය දැනුවත්කිරීම් රුපවාහිනී නාලිකා මගින් කල හැකිය. අවසාන වශයෙන් කිවහැක්කේ මේ ගැන වෙනම ලිපි කීපයක් වුවද ලිවිය හැකිබවය.