IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට

(නිමල් ජයරත්න)

කොළඹ සිට නිරෝධායනය සඳහා වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරට රැගෙන ආ පිරිස අතරින් පුද්ගලයින් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් අද (06) සවස ඔවුන් පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන්  නියෝගයකට අනුව මාස අටක කාලයක් පුනරුත්ථාපන කටයුතු සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකළ බව වැලිකන්ද පොලිසිය කියයි.

මොදර, කොළඹ, මාතර , පිටකොටුව යන ප‍්‍රදේශවලින් ඔවුන් දින 21 ක කාලයක් නිරෝධානය කටයුතු සඳහා ඉකුත් අපේ‍්‍රල් 16 වෙනිදා වැලිකන්ද ගල්කන්දේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇති බව පොලිසිය පවසයි.

එහිදි යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය මගින් ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවට හදුනාගැනිමෙන් අනතුරුව අද පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම පුද්ගලයින් 25 දෙනා මාස අටක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙස මහේස්ත‍්‍රාත් සුරංග අසේල ද සිල්වා මහතා එම නියෝග කළේය.

ඒ අනුව දින 21 කාලයක් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුල නිරෝධායනයට ලක් කරමින් ඔවුන්ට මාස 08 ක විවිධ වෘත්තිය පුහුණු ලබා දිමටද කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ සෙඳහා ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුල සුදානම් කර ඇති අතර එලෙස පුනරුත්ථාපනය වෙන පුද්ගලයන්ගේ වයස අවුරුදු 25 ත් 50 අතර පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට

surath Wednesday, 06 May 2020 02:31 PM

හොඳ ක්‍රියාදාමයක්...

:       0       30

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1157 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2774 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 943 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 727 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 933 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 812 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 95 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 932 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1818 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site