(ටී.කේ.ජී.කපිල )
කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1424 දරන මෙම ගුවන් යානය අද උදෑසන 8.00 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ගුවන් මගීන් නොමැතිව කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත් වූ ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු මෙම ගමනට එක්ව තිබේ.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.05 ට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර එය සවස 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
සාර්ක් කලාපයේ රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිවී සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා තවත් ගුවන් ගමන් වාර කිහිපයක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකාරවරයා පැවසීය .
ඒ අනුව හෙට (25) ඉන්දියාවේ මුම්බායි වෙතත් , (26) වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර් වෙතත් , (27) වැනිදින බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළ වෙතත් ,(28) වැනිදා දින යළිත් ඉන්දියාවේ බැංගලෝර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
මෙම සිසුන් නේපාලයේ ඉගෙනගන්නේ මොන උපාධියකටද ?
ඊයේ ඩුබායි වලින් දෙන්නෙක් ගෙන්න ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යැව්වේ කාගේ උවමනාවටද? දහස් ගණනක් අසරණ වෙලා ඉද්දි හොරෙන්ම අරන් ආව විශේෂ පුද්ගලයින් දෙන්නා කවුද ?
හින්දු ආගම වෙන්න ඇති. ලෝකේ එකම හින්දු රාජ්‍ය? හැබැයි කියන්නේ නම් මේගොල්ලෝ සමහරු බටහිර වෙදකම ඉගෙන ගන්නලු? කාට බෙහෙත් කරන්නද දන්නේ නැහැ?