IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙදර්ලන්ත ගුවන් යානයක් මත්තලට

චන්ද්‍රෙස්න ගමගේ සහ  නුවන් ජයසේකර

ගාල්ල වරායේ නැංගුරම්  ලා ඇති නෙදර්ලන්ත නෞකාවක සේවකයන් 230 කු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක්  අද( 03)පෙරහුරු 8.20 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ   වෙත පැමිණියේය.

මත්තල ගුවන්  තොටුපලේ කළමනාකරු උපුල් කලංසූරිය මහතා පැවසුවේ ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක සේවකයන් හුවමාරු කර ගැනීම සඳහා මෙම ගුවන් යානය පැමිණි බවයි.

මත්තල ගුවන්  තොටුපළ මගින් මානුෂික මෙහෙයුමක් වශයෙන් මෙම ක්‍රියාවලිය කළ බවත් මෙම ගුවන්  ගමන්  සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙහිදී අනුගමනය කළ බවත් ගුවන්තොටුපල කළමනාකාර වරයා පැවසීය .

මෙම ගුවන් යානය අද රාත්‍රී 8.30 ට නැවත නෙදර්ලන්තය බලා පිටත් වන බවත් එහිදී ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෞකාවේ සිටින සේවකයින් පනස් තුන් දෙනෙකු නැවත නෙදර්ලන්තය බලා රැගෙන යාමට  නියමිතය.

අද (03)පෙරවරුවේ මත්තල ගුවන්  තොටුපලට පැමිණි සියලුම මගින් නිරෝධායනය කොට සෞඛ්‍ය ආරක්ෂිතව පැමිණි බව ද උපුල් කලංසූරිය මහතා වැඩිදුරටත් පැවසීය .



අදහස් (2)

නෙදර්ලන්ත ගුවන් යානයක් මත්තලට

Nandalal DE SILVA - France Sunday, 03 May 2020 11:21 AM

පින්තුරයේ තිබෙන්නේ නම් ශ්‍රීලන්කන් යානයක් මිස නෙදර්ලන්ත ගුවන් යානයක් නොවන බව ඕනෑම කුඩා දරුවෙකුට උනත් පැහැදිලිවම පේනවා. සමහරවිට මෙය පරණ පින්තුරයක් වෙන්න බැරිද කියා සීයා අහනවා ! මගේ ආච්චි නම් හිතන්නේ, සමහරවිට නෙදර්ලන්ත රජය එරටේ නැවියන් ආපසු ගෙන්වා ගැනීම සඳහා කුලියට ගත් අපේම යානයක් බවයි ... කවුද හරි ? කොහොම උනත් මත්තලට කලකට පස්සේ හරි ගුවන් යානයක් ඇවිල්ලලු. එහේ ඉන්න අලින් ඇතුළු අනෙකුත් සතුන්ට නම් මේක මහා වදයක් වෙන්න ඇති !!!

:       0       0

Ranjith Sudasinghe Monday, 04 May 2020 03:08 AM

මහත්මානනි , සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කරන ලද ඉල්ලීම් වලට මෙතෙක් රජය විසින් සහන සලසා දී නොමැත .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site