(මඩකලපුව වාර්තාකරු ටී.එල්. ජව්ෆර්කාන්)
නැගෙනහිර පළාත සඳහා කොරෝනා වයිරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ ප්‍රතිකාර අංශය අද (14) මඩකලපුව ශික්ෂණ රෝහලේදී ආරම්භ කරන ලදී.
ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක කේ. කලාරන්ජනී මැතිණියගේ මුලිකතත්වයෙන් ඇරඹිණි.
විවෘතකිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මඩකලපුව දිස්ත්‍රික් මහලේකම් කලාමති පත්මරාජා මැතිනිය සහභාගිවෙමින් ප්‍රතිකාර අංශය විවෘත කරන ලදී.
කොරෝනා රෝගීන් 6 දෙනකුට එක වතාවේම ප්‍රතිකාර ලබා දියහැකි නවීන පහසුකම් ලබාදී ඇති අතර ඇඳන් 60කින් යුක්ත විශේෂ අංශයක් පිහිටුවා ඇත.
මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට මෙහිදී ප්‍රතිකාර ලබාදීමට නියමිතයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ පූර්ව සූදානම අගය කරමි. එයට එක් රෝගියෙකු හෝ නොලැබේවායි පතමි.
ඒ වගේම දකුණු පළාතෙත් පටන් ගන්නකෝ. මොකද හමබන්තොට එහෙම හොදට ඉඩම් එහෙම තියෙනවනේ. ජන ඝනත්වයත් අඩුයිනේ නේද ?