IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කරයි

(අජන්ත කුමාර අගලකඩ)

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙසේ ලිහිල් කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ අනුව, අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මේ මස අග පමණ දක්වා තවදුරටත් දීර්ඝ කෙරෙන ඇති බවද පැවැසේ.

එසේ වුවද අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ද ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිසරය පැතිරයාම පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙසේ දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරිනීතිය ලිහිල් කෙරෙනු ඇති බව වාර්තා වේ. මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ලිහිල් කළ ද කොරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා වන දැඩි කොන්දේසි පැනවෙනු ඇති බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

බස්නාහිර පළාත සඳහා ඇඳිරි නීතිය මාර්තු මස 20 වැනිදා පැනවූ අතර, එක්වරක් පමණක් ලිහිල් කිරීමෙන් පසුව නැවත පනවනු ලැබීය. එම දිස්ත්‍රික්ක තුනත් පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනත් ඉන් පසුව අධි අවදානම් ප්‍රදේශ ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමිනි.

තවත් දිස්ත්‍රික්ක හතක් අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබූ අතර, කොරෝනා එක් රෝගියකු හෝ වාර්තා නොවුණ දිස්ත්‍රික්ක 12ක් මේ වන විට හඳුනාගෙන ඇත.

එම දිස්ත්‍රික්කවල තත්ත්වය අවදානම් නොවන බවට සෞඛ්‍ය අංශ විසින් දෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඒවායේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා හැකි වන පරිදි මෙම ලිහිල් කිරීම සිදු කෙරනු ඇත.

කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයේ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ලබන සදුදා උදේ 6.00 වන තෙක් ක්‍රියාත්මක බවත්, එම දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය යළි ක්‍රියාත්මක වීම පිළිබඳ පසුව දැනුම් දෙන බවත් රජය ඉකුත් බදාදා (15) නිවේදනය කළේය.
 



අදහස් (12)

දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කරයි

Anton austria Thursday, 16 April 2020 05:53 PM

ගොඩාක් හොදයි . ඉතාලියට වෙච්ච දේ වෙයි ළගදීම. තව කල් ඉන්න තියෙන්නෙ එක්කෙනෙක් හරි ඇවිත් ගියොත් ඒ පැත්තට ඔක්කොම ඉවරයි කවදාවත් ඉවර කරන්න බැරිවෙයි... මෙහෙ ඉන්න අය මුලින්ම කරපු නැතිදේට දැන් දුක්විඳිනවා... අපේ මිනිස්සු පස්සට දුක් විදී වගේ. තව සමහරක් අය හරි ආසාවෙන් හිටියේ බැන්නේ මේක අරින්න අඩිරිනිතිය අයින් කරන්න කියලා.... මේකට ලියපු අයත් සතුටුයි ඇති දැන් රටේ ඉන්න මිනිසුන් දුක්විඳින එකට පව් මගේ රටේ මිනිස්සු මන් මෙහෙදි අත් දුටුවා එකයි කියන්නේ...

:       858       3353

gamageThursday, 16 April 2020 09:56 PM

හා හා එහෙම කියන්න එපා! ඡන්දෙ තියලා තුනෙන් දෙක ගත්තට පස්සේ ඕන දෙයක්.

:       111       313

athuraFriday, 17 April 2020 05:40 AM

අනේ නිකන් ඉන්න ඇන්ටන් ඔයාගේ මේ රජයට ඕන මේ අවස්ථාවේ කොහොම හරි ඡන්දෙ තියලා පාර්ලිමේන්තුවේ ලොකු බලයක් ගන්න. නැතුව මේ අපි වගේ අවදානම් කලාපේ මිනිස්සු කියලා නැහැ ඇදිරිනීතිය ඇයින් කරන්න කියලා.

:       71       256

ලුම්බිණි Friday, 17 April 2020 12:49 AM

දැන් මේක තිබුණා හොඳටම ඇති.

:       74       47

G.Jayasekara Friday, 17 April 2020 03:00 AM

පසුගිය මාසය පුරා ආහාර, සබන් සහ කුළුබඩු බෙදා හැරිම ගම්පහ නගරය අවට ක්‍රමවත් නොවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇත. රටේ තත්වය යහපත් වනතුරු ඇඳිරි නීතිය දීර්ග කිරීම හොඳයි..., එත් මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සති දෙකකට වරක්වත් සපයන්න. ඇඳුමක් සෝදා ගැනීමට වත් සිරුරේ ගෑමට වත් සබන් වර්ග නැත.

:       6       128

රණරාජා Friday, 17 April 2020 07:53 AM

ගම්පහ දිස්ත්‍රික්කයේ අයට කිසිම දේකින් අඩුවක් නැහැ කියලා කියන්නේ ?

:       2       3

srilal Friday, 17 April 2020 04:57 AM

540/5000 සීමාවන් ක්‍රමානුකූලව අඩු කිරීම නරක අදහසක් නොවේ. ආර්ථිකය ස්ථාවර මට්ටමක තබා ගැනීම සඳහා යම් යම් පියවර ගත යුතුය. සේවකයකු වැඩට නොගෙන සියලුම සමාගම්වලට දිගටම වැටුප් ගෙවිය නොහැක. නිවසේ සිට වැඩ කිරීම සියලුම සමාගම් වලට ගැලපෙන්නේ නැත. එසේම දිගු කලක් තිස්සේ සුභසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාමට රජයට නොහැකිය. එබැවින් විදේශ ආදායම් උත්පාදනය කරන අත්‍යවශ්‍ය සේවා සහ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. කෙසේ වෙතත් රැස්වීම් දැඩි ලෙස පාලනය කළ යුතුය.

:       0       144

ගමරාල Friday, 17 April 2020 06:11 AM

ඇඳරි නීතිය ලිහිල්කලා කියල වෛරසය පැතිරීමක් නැතැයි නොසිතා දැනට පනවා ක්‍රියාත්මක සමාජ දුරස්තතාවය තවත් කලක් ක්‍රියාත්මක කිරීමත් ස්වභාව ධර්මයට අනුව කටයුතු කිරීමත් සෑම කෙනෙක්ම තමා අදහන ආගම දහමට අනුව කටයුතු කිරීමත් බෞද්ධයින්නම් අඩුම තරමින් නිති පන්සිල්වත් රැකගෙන සිටියොත් යහපත් යැයි කිවහැකිය

:       4       143

NuwanFriday, 17 April 2020 07:17 AM

සමාජ දුරස්තතාවය  පෙනෙයි... කෝච්චි, බස්වල පොරකාගෙන යන්න ගත්තම...

:       0       7

සනත් ඉතාලිය Friday, 17 April 2020 07:51 AM

ඉතාලිය ලොක්ඩවුන් කරලා අදට දින 41ක්. තවමත් ආසාදිතයින් 3000-4000ත් හමුවෙනවා. නමුත් මෙහෙත් ලබන සතියෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ජනජීවිතය යථා තත්වයට පත්කරන්න උත්සහ කරනවා වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න කර්මාන්තත් අරඹන්න ලැහැස්ති වෙනවා. ඊටත් වඩා විශේෂ දේ දැන් මිනිස්සු තමන්ගෙ කටයුතු සදහා එළියට එනවා ටික ටික. මැරෙන එක කොහොමත් පොදු දෙයක් කියන හැගීමෙන්. හැබැයි සමාජ දුරස්භාවය තියාගෙන තර්කය ඒඩ්ස් ආපු මුල් කාලෙ ඒකට බය උනා නමුත් බෙහෙතක් නැහැ කිව්වම මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් එක සකරුවෙක් / සහකාරියක් වගේම ආරක්ශක ක්‍රම වලට ගියා. දැන් කවුරුත් ඒඩ්ස් ගණන් ගන්නෙ නැහැ. ඒ වගේ මිනිස්සු මේ වයිරසයටත් හුරුවෙනවා. බෙහෙතක් හොයාගන්නතුරු ආරක්ෂක ක්‍රම භාවිතාකරමින්. මෙයට බෙහෙතක් හොයාගන්නතුරු කිසිම රටකට මෙය බින්දුවට බස්සන්න බැහැ. එතෙක් ලොක්ඩවුන් වෙන්නත් බැහැ. අපි අපිම ස්වයං නීරෝදායන වීම ආරක්ෂක ක්‍රම භාවිතා කිරිම හා නිසිඋපදෙස් අනුගමනය කිරීමයි යහපත්. ලොක්ඩවුන් හොද වගේම රටකට රටක් වශයෙන් මාස ගණන් වසාගෙන සිටීමත් රටකට අහිතකරයි.

:       11       163

Anton austriaFriday, 17 April 2020 02:32 PM

ඔව් සනත් ඉතාලියේ තත්වය හා ලංකාව ගලපන්න එපා... මොකද ඔහේ ඉන්න ගොඩක් අය ලංකාවට බනිනවා. දැන් ලංකාව හොදයි ඉතාලිය ගැන මුකුත් නැ එකට හේතුව කුහකකම.... අනික ඔබ කියන්නේ රට අරින්න කියලද ඉතාලිය කරනවා වගේ එක ඇවිල්ලා ඉතාලියේ මහා එක ඉඳන් දොස්තර දක්වාම කරපු ගොන් කම් එයාලා කරපු ගොන් කම් අපේ රටේ කරන්න ඕන නැහැ...

:       0       6

K G මහින්ද ලාල් Sunday, 19 April 2020 01:46 AM

දැනගැනීම ⁣හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site