IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනයක්

(විනීතා එම් ගමගේ)

ටින් මාළු ආනයනකරුවන්ට දෙන සහනාධාර නවතා එම සහන දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට ලබා දීමට රජය තීරණය කර ඇත.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.

මෙතෙක් ටින් මාළු ආනයනකරුවන්ට මාළු ටින් එකක් සඳහා ලබා දුන් රුපියල් 110 ක සහනාධාරය දේශිය ටින්මාළු නිෂ්පාදකයින්ට ගෙවීමටත් තීරණය වී තිබේ.

එමෙන්ම ටින්මාළු ආනයනකරුවන්ට ලබා දුන් ණය අයිරා තාවකාලිකව නැවැත්වීමටත් රජය තීරණය කළ බව ධීවර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

අස්වැන්න වැඩි කාලයට මෙරට ධීවරයින්ට මාළු ටින් කිරීමට පහසුකම් ලබාදීමටත් ශීතාගාර පහසුකම් වැඩි කිරීමටත් පියවර ගැනීමට රජය සූදානම් යැයි ද හෙතෙම කියා සිටියේය.



අදහස් (5)

දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනයක්

හරේන් Thursday, 09 April 2020 12:51 PM

මෙන්න තීරණ. මෙව්වගෙ සෘජු තීරණ වලින් තමයි රටක් දියුණු වෙන්නෙ. මෙච්චර කාලෙකට අපිට හිටියෙ ප්ලේන් එකේ දීපු කජු ගැන, මයිලෝ එකේ සීනි ගැන කියව කියව හිටපු නායකයො. මේ තීරණය ගැන ඇත්තටම සතුටුයි...

:       0       5

Raveendra Thursday, 09 April 2020 01:02 PM

හැම රෙද්දක්ම පිටින්ම ගෙන එමු කියන ගොන් සංකල්පය හිත්වල පැළපදියම් කරගෙන සිටින ඒ ඒ කොමිස් කාක්කන්ටනම් මෙය" නයාට අදුකොළ මෙන් දැනෙනු ඇත. ". නමුත් අප විශ්වාස කරනවා. මෙය ඉතාම හොද තීරණයක්. රට වටේට මුහුද තිබුණත් පිටරටින් ටින්මාළු ගෙන ඒමට තරම්ම අප නිහින ජාතියක් වීම කණගාටුවකි.

:       0       7

jayath Thursday, 09 April 2020 01:44 PM

කලින් යහපාලනේ කරපු මෝඩකම් එකින් එක හදන්න වෙනවා... මේක හොඳදෙයක්... එකේ හිටපු එක උන්මත්තකයෙක් වී ගොවිතැන ගැන කියපු හරක් කතාවක් මේ දවස්වල සමාජ මාධ්‍යවල තියනවා...

:       0       8

de silva Thursday, 09 April 2020 03:32 PM

මේ අසීරු අවස්ථාවේ ඉල්ලුමට සරිලන සැපයුම් කරන්න බැරිනම් දේශීය දේ කියල ප්‍රතිපලයක් තිබේද? ලංකාවේ පසුගිය කාලේ ධීවරයෝ මුහුදු ගිහින් නොමැති නිසා..., ටින් කරන්නේ ගල් ගෙඩිද? නිකන් බහුභූත කරන්නේ නැතුව තිබෙන තැනකින් ගෙන්නලා මිනිසුන්ට කන්න යමක් දෙන්න.

:       10       10

de silva Friday, 10 April 2020 06:03 AM

ලංකාවේ ටින්මාළු කර්මාන්තය දීර්ඝ කාලීනව ස්ථිර සැලසුමක් යටතේ අනිවාර්යයෙන්ම නගාසිටවන්න ඕනේ නමුත් මේ අවස්ථාවේ , මුලිකත්වය දෙන්න ඕනේ කොරෝනා අර්බුද නිසා විපතට පත්වෙලා ඉන්න ජනතාවට , ලංකාවේ ශ්‍රමය කල්පයේ රටවල් සහ චිනේ එක්ක සන්සන්ධනය කරලා බලනකොට ඉතා ඉහලය .එම නිසා රට තුල යම් නිෂ්පාධනයක් කලත් කලාපයේ අනික් රටවල් සහ චිනේ නිෂ්පාධන එක්ක සටනක් දෙන්න අපහසුය, මුලින්ම රටේ ජිවන බර අඩු කරන්න ඕනේ , ඒක කරන්න ඉන්ධන , ජලය , විදුලිය ප්‍රවාහනය වැනි සේවා වැනි දේවල් පහසුමිලට දෙන්න සිදුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13307 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 57 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site