(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේ යාච්ඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාඥාවන්ට සහභාගි වූ වතුකම්කරුවන් 65 දෙනෙකු අද (01) සිට දින 14 ක ස්වයං නිරෝධානයට යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම්වලට අයත් ඉන්ජස්ට්‍රි , බිලින්කිබොනි , පොඩයිස් , බටල්ගල, ඇන්ෆිල්ඩ් යන වතු වල පදිංචිකරුවන් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කෙරිණි.
නිරෝධනායට යොමු කළ පිරිස දික්ඔය දරවල ප්‍රදේශයේ පිහිටි යාඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාච්ඥා වලට අඛණ්ඩව සහභාගි වී ඇති බවත් ඉන් කිහිපදෙනෙකු යාපනයේදි පැවැත් වූ යාඥාවට ද සහභාගි වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෙඩේ රෝග වාහකයෝ කොහෙන්හරි ආපු සංචාරකයන් සහ මෙන්න මේ ආගම් වල ඊනියා යාඥා කාරයින්...
තාම ඔය කියන දෙවගැතියව අල්ලගන්න බැරි වුනාද?
ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණ තමන් අසදිතයෙක් බව දැනගත් වහාම , ලංකාවේ ප්‍රතිකාර නොගෙනම ස්විස්ටර්ලන්තයට පැනගත් පුජකයට විරුද්ධව ඔහු ඇතුව හෝ නැතුව ලංකාවේ නඩු පැවරිය යුතුය , ඔහුගේ නොමනා ක්‍රියාකලාපය නිසා පළාතකම සම්පුර්ණයෙන් වසා දමා ඇති අතර ජිවිත රැසක් අවධානමට ලක්වී ඇත.
හැම තැනම ආගමික කටයුතු නිසා තමා වැඩිපුරම ලෙඩ පැතිරිලා තියෙන්නේ... දෙවියෝ සහ භූතයෝ ලංකාවට වින කරනවා නේද?
දේවගැති වේශයෙන් ආපු භූතයෙක් බව පැහැදිලියි නේද? දෙවියෝ සහ භූතයෝ කියල පොතක් ඒබ්‍රහම් ටී කොවුර් ලියල තියෙනවා. මේ තමා නියම භූතයෝ.
ගැතිවරයෝ තිදෙනෙකුම රෝගය ව්‍යාප්ත කිරීමට දායකවී ඇත. මොවුන් කාදිනල් තුමාගේ උපදෙස්වත් පිලි නොගන්නා මුග්ධයන් පිරිසක් බව පේනවා.