(සමන් පාලිත නානායක්කාර)
දියතලාව යුද හමුදා විද්‍යාපීඨය වාර්ෂිකව සංවිධානය කරන ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගාවලිය රටේ පවතින වාතාවරණය අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ බ්‍රිගේඩියර් රෝහන් පොන්නම්පෙරුම මහතා අද (1) පැවසීය.
මෙම මස 19 /20 දින වල දියතලාව නරියාකන්ද ප්‍රසිද්ධ ධාවන පථයේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි .
මෙම තරගාවලිය කල් දමා ඇති මුත් අවලංගු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.