(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණය කිරීමේදී අද(29) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බාධා එල්ලවීම නිසා එහි නිසියාකාර විෂ බීජහරණය කරගැනීමට නොහැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මධ්‍යම රාත්‍රිය වන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ව්‍යාපාරිකයන්ට එළවළු මිලදී ගැනීම සඳහා සහ අලෙවි කර ගැනීමට විවෘත ව තිබිණි .
පසුව රජයෙන් තීන්දු කරගත් පරිදි මෙහි විෂබීජහරණය කිරීමෙන් පසුව විවෘත කිරීමට තීරණය කර තිබිණි .
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින් පිරිස ඒ අනුව විෂබීජ හරණය කිරීම සදහා ඉදිරිපත්වී සිටියහ .
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අලුයම 2 පමණ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට වූහ.
පසුව විෂ බීෂබීජහරණය සිදු කරමින් සිටියදී අලුයම ඇතැම් ව්‍යාපාරිකයන් සිය වෙළඳ සැල් විවෘත කොට වෙළඳාම් කටයුතු සිදුකිරීම ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත වාහන නවතා තැබීම සිදු කිරීම තැන රංචු ගැසී මිලදී ගැනීම සදහා පොරකෑම නිසා මෙම විෂබීජහරණය කරගැනීමට නොහැකි විය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරීන් වෙළඳසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කරන්නට වූයේ මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට මත්තෙන් විෂබීජහරණය කිරීමට ඉඩහසර ලබා දෙන ලෙස ඉල්ලමිනි.
එහෙත් ඇතැම් ව්‍යාපාරිකයෝ පරුෂ වචනයෙන් බැන වැදිනි . මධ්‍යස්ථානයේ ඇතැම් ව්‍යාපාරිකයන් ගේ සහයෝගය නොලැබීම හේතුවෙන් නිසියාකාරව විසබීජහරණය කර ගැනීමට නොහැකි විණි.
විශාල ජනතාවක් එක් රැස් වන මෙවැනි ස්ථාන ආරක්ෂා කර ගැනීම රටේ ම ආරක්ෂාව බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සඳහන් කරන්නට වූහ.
එහෙත් ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයෝ කිසිදු තැකීමකින් තොරව අලුයම් කාලයේ මේ ආකාරයෙන් හැසිරීම නිසා මුළු රට ම අවදානම් තත්ත්වයකට පත්වන බවද බවත් පොලීසිය පෙන්වා දෙති.
එමෙන්ම මෙදින අලුයම වනවිට ඉතා විශාල එළවලු ලොරි ප්‍රමාණයක් ලැබී තිබුණු අතර එළවලු මිලදී ගැනීම සදහා විශාල වෙළෙන්දෝ ප්‍රමාණයක් පැමිණ සිටියහ .බොහෝ දෙනකු අලුතින්ම එළවලු වෙළදාම ආරම්භ කළ පිරිස නිසා වෙළදපලක හැසිරීම නොදැන ලාබය පදනම් කරගෙන පමණක් ඔවුන් හැසිරෙන්නට වූ බව පොලිසිය කියයි ,
මෙදින එළවලු බොහොමයක් දඹුල්ලේ තොග පාලන මිලට අලවි වූ අතර ඇතැම් එළවලු වර්ග පාලන මිලටත් වඩා පහල මිලකට අලෙවි වූහ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ දඹුල්ල කඳවුරේ අණදෙන නිළධාරීවරයා කියා සිටියේ බාධා කිරීම පිළිබඳව වහාම මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කොරෝනා වයිරසය මර්දනය කිරීමේ මෙහෙයුම් කණ්ඩායම හමුවේ මේ බව දැනුම් දෙන බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණයට බාධා
Amula Sunday, 29 March 2020 05:13 AM
මිනිසා කියන සමහර සතා කොහෙත් එකයි සල්ලි කොලේ බලනවා මිසක් අන් කිසිවක් වැදගත් නැහැ.
Akila Sunday, 29 March 2020 05:44 AM
යම්හෙයකින් දඹුල්ල ආර්ථික දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වයිරසය පැතිරී ගියොත් එය මාස ගානකට වසා දැමීමට සිදුවනු ඇත. එය මේ නුගත් වෙළදුන්ට නොතේෙරෙනු ඇත. නමුත් රජයකට අනේ අපිට කරන්න එයල ඉඩදුන්නේ නැහැ යනුවෙන් පවසා ඇග බේරාගැනීමට බැරිය.
Ajantha Sunday, 29 March 2020 05:44 AM
දවසක් දෙකක් වහලා ඔය වැඩේ කරානම් හරි. දවසක් දෙකක් එළවලු නෑ කියලා කවුරුවත් මැරෙන්නේ නෑනේ. එතකොට මුදලාලිලා උදව් කරයි. මුදලාලිලාට අවශ්‍යය විදියට රටේ වැඩ කරන්න බෑනේ.
Roshan Sunday, 29 March 2020 05:48 AM
ඕක පැය ගානකට හරි දවසකට හරි වහා කරන්න බැරිද?
සැම්සන් Sunday, 29 March 2020 05:58 AM
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? තුවක්කු තියෙන්නේ ඔය වෙලාවට තමයි
lalithm Sunday, 29 March 2020 06:13 AM
ගහලා පන්නලා හරි නිවැරදි දේ මේ වෙලාවේ කරන්න ඕනේ. සල්ලි විතරක් කියලා හිතන අය පෙරේත ආත්මේ ඉන්න අය. ඒ අය හින්දා අහිංසකයින් පීඩා විඳින්න ඕනේ නැහැ.
කපුරුහාමි Sunday, 29 March 2020 06:33 AM
මේ වසන්ගතයේ තියෙන බයානකකම මේ වෙලෙන්දන්ට නොතේරෙන හැටි.
Dhammika Sunday, 29 March 2020 07:45 AM
එස් ටී එෆ් එකෙන් මොනවද මේ කියන සුරංගනා කතා. අනේ අපට කරන්න දුන්නේ නැහැ....
2500 Sunday, 29 March 2020 08:17 AM
මෙම ආයතනය ඇතිකල කාලයේ වෙළදුන් තෝරා ගත්තේ කුමන පදනමකින්ද කියන්න. මෙම තත්වයට වෙළදුන් තෝරාගැනීමත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා.
sg Sunday, 29 March 2020 08:37 AM
එස් ටී එෆ් එක අහිංසකයින්ට දාන පාට් දේශපාලන හෙංචයියන්ට වැරදි කරත් දාන්න බයයි නේද???