IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තායිලන්තයේ සිරවී සිටි ලාංකිකයින් 70 ක් ලංකාවට

( ටී.කේ.ජී.කපිල )

කොරෝනා වසංගත රෝගී තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී  මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මාලදිවයින ගුවන් සේවයට අයත් කිව්.26351 දරන එම විශේෂ ගුවන් යානය අද 17 දින රාත්‍රී  7.30 ට තායිලන්තයේ , බැංකොක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ සිටි මුළු ගුවන් මගීන් සංඛ්‍යාව 70 ක් වූ අතර , එම  70 දෙනාම  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් වූහ.

මෙසේ කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු ආදිය ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින්  විශබීජ හරණය කිරීමකට ලක් කෙරිණි .

මෙම ගුවන් මගීන් වෙත කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි , ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන්නට විය .

පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා , ඔවුන් සතු විශේෂ බස් රථ යොදා ගනිමින් රැගෙන ගියහ .

මෙම ගුවන් මගීන් රැගෙන පැමිණි මාලදිවයින ගුවන් සේවයට අයත් ගුවන් යානය , යානයට අවශ්‍ය ඉන්ධන ද මාලේ ගුවන් තොටුපළ වෙත රැගෙන යෑමට භාණ්ඩ තොගයක් ද පටවා  ගැනීමෙන් අනතුරුව රාත්‍රී 10.00 ට පමණ   මාලේ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය .
 



අදහස් (0)

තායිලන්තයේ සිරවී සිටි ලාංකිකයින් 70 ක් ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site