IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


තඹුත්තේගම ආර්ථක මධ්‍යස්ථානය වසා දැමීමට සිදු වූ බව වෙළඳ සංගම් සභාපති කියයි

(මනුල වික්‍රම)
 
එළවළු බෙදාහැරීමට අදාළ වාහන අවසරපත් ලබාගැනීමේදි බලපා ඇති අවහිරතාවය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදැමීමට  සිදුවන බව එම මධ්‍යස්ථානයේ  වෙළඳ සංගම් සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.
 
දැනට ඇඳිරි නීති යටතේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන්නේ ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කිරීමෙන් පසු එම සහතිකය පොලිසියට ඉදිරිපත් කිරීමෙනි.
 
 ප්‍රාදේශීය ලේකම් බලපත්‍ර අනුමත කරන්නේ ග්‍රාම නිලධාරී ද අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ද අනුමත කළ පසු ය.
 
පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්ට මෙකී නිලධාරින් තිදෙනා හමුවීම ඉතා දුෂ්කර කටයුත්තක් වන නිසා එළවළු බෙදාහැරීම් කටයුතු මුළුමනින්ම කඩාකප්පල්වී ඇති බව සභාපතිවරයා කියාසිටී.
මේ පිළිබඳව සභාපතිවරයා කීවේ මෙවැනි කතාවකි.
අපේ කලමනාකාර භාරයේ මෙම ප්‍රදේශයට අදාළ  ප්‍රාදේශීය ලේකම් නියෝජනය කරනවා. අපේ ව්‍යාපාරිකයින් කවුද කියලා පෞද්ගලිකවත් දන්නවා. ග්‍රාම නිලධාරී ළඟට යන්න පහසු නෑ. ඒ ස්ථානයට රියැදුරු යවන්නත් ඕනෑ. ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත කරන්නත් අවශ්‍යයි. එයා මුණගැසීමත් මේ දිනවල පහසු නෑ. අප එච්චර ඇවිද ඇවිද හිටියොත් වෙළඳාම් කරන්න වේලාවක් නෑ. ඒ වගේම එහෙම කලා කියලා අපට මේ දවස්වල විශේෂ ලාභයකුත් නෑ. අපි කරන්නේ සමාජ සේවයක්.
 
ඒ වගේම අපේ ජීවිත අවදානමට තියලා කැපකිරීමක් කරන්නේ. අපට එතරම් සවිස්තරාත්මක බපත්‍රයක් අවශ්‍ය නම් ජංගම සේවයක් පවත්වලා මෙම ස්ථානයෙ දීම බලපත්‍ර දෙන්න ඕනෑ. රජය කැමති නෑ මෙම ස්ථාන වසා දාන්න. ඒත් අපට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ නැත්නම් අපිට කරන්න තිබෙන්නේ වසාදැමීම. ‘‘ යනුවෙන් ද වෙළඳ සංගම් සභාපති වරයා අද (01) ප්‍රකාශ කළේ ය.
 
ඊට අමතරව වෙළඳාම් කිරීමේ දී පුද්ගලයින් අතර මීටරයක පරතරය තබාගැනීමේ අසීරුව හා සේවකයින් වැඩට නොඒම යන කරුණ ද බලපා ඇති බව සභාපති වරයා ප්‍රකාශ කළේ  ය.
 
මේ සම්බන්ධයෙන් විමසීමට  තලාව ප්‍රාදේශීය ලේකම් සහ  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සම්බන්ධ කරගැනීම අසීරුවූ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සඳහා රජය වෙනුවෙන් මැදිහත්වී සිටින  පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනම් පියවරක් ගන්නා ලෙස  තමා අදාල නිලධාරින්ට දැනුම්දෙන බවයි.



අදහස් (3)

තඹුත්තේගම ආර්ථක මධ්‍යස්ථානය වසා දැමීමට සිදු වූ බව වෙළඳ සංගම් සභාපති කියයි

ass charya Wednesday, 01 April 2020 04:10 AM

මේ රජයත් එදා වේල තමයි හැරෙන හැරෙන පැත්තට ගහ උළුවස්ස කිව්වලු.

:       3       213

rasika Wednesday, 01 April 2020 06:59 AM

ලිස්ට් එක තියෙනවනම් ප්‍රා ලේකම් අවසර දෙන්න .

:       0       3

lalithm Wednesday, 01 April 2020 07:28 AM

රජය නොවෙයි. තීරණ ගන්න බැරි ඉහලින් එන අණට අකුරටම සහ තවත් නීති හොයන කොන්ද පන නැති ස්ථානෝචිත ප්‍රඥාව නැති බලය පෙන්නා වැඩ නොකර ගෙදර ඉන්න සම හරක් නිලධාරීන් බලධාරීන් වීම.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site