( එස්. ඩි. කොඩිකාර )
දෙනියාය ,පල්ලෙගම ප්‍රදේශයේ ඩුබායි සිට පැමිණ නීරෝධානය මග හැර දින 16 ක් සැගව සිටි පුද්ගලයෙකු කොටපොළ සෞඛ්‍යය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනා ආරච්චි මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර දින 11 ක් නිවසේ සිට ස්වයං නිරෝධානයට ලක් වෙන ලෙස උපදෙස් ලබාදුන් බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ ස්වයං නිරෝධානයට ලක් වන ලෙස නියෝග කරනු ලැබූයේ පල්ලෙගම ,දොඩබෙතොට ප්‍රදේශයේ පදිංචි විජේසිංහගේ රංජිත් නැමැත්තෙකුට බව පල්ලෙගම මහජන සෞඛ්‍යය පරීක්ෂක ඊ.පී.ඩී.එල්.වීරරත්න මහතා පැවසීය .
ඉකුත් (15) දින මොහු ඩුබායි සිට තම නිවසට පැමිණ සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් නොපිළිපැද ඔවුන් ද අපහසුතාවයට පත් කරමින් නීරෝධානයට ලක් නොවී නිවසේ සැඟව සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .
පැමිණිල්ල වෙනුවෙන් පල්ලෙගම මහජන සෞඛ්‍යය පරීක්ෂක ඊ.පී.ඩී.එල්. වීරරත්න මහතා පෙනී සිටි අතර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් වන ආර්.එස්. වසන්ත කුමාර ,ඊ.එස් .ජී.පතිරණ ,පී.එම්.දිසානායක ,ඊ.පී.ඩී.එල්.වීරරත්න යන නිලධාරීන් එක්ව සිටියහ .
COMMENTS
15 වෙනිදා එමිරේට් රටේ ඉඳල පැමිණි කට්ටියට ගෙදර යන්න දුන්න. කොරියාවෙන් , ඉතාලියෙන් , ඉරානයෙන් පැමිණි පුද්ගලයන් රජයේ නිරෝධනයට යැවුවා... ගුවන් තොටුපලින් එනකොට දැනුම් දීපු ලිපිනයේ සිටියා නම් එලියට බැස්සේ නැතිනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ ? කාටවත් මුකුත් කියන්න බැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය කුමක්ද ? මෙයා ගෙදර ඉන්නේ නැතුව එහෙ මෙහෙ ඇවිදින්න ගිහින්ද ? මෙයට කොරෝන නැතිනම් දින 18 කට පමණ පසු නැවතත් දින 11 නිරෝධනය කරන්න අවශ්‍යද?
ඔය ගම්මානයේ නමින් සෙට් එකෙ 1920
ඔය කියන දිනයේ මගේ මිත්‍රයෙකුත් ජෙර්මනියේ සිට පැමිණ තිබුණා... ඔහු කිව වෙනද පිරවීමට දෙන පෝරමයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තව පෝරම දෙකක් දීල තිබිල එකේ අහල තිබෙනවා නම , ලිපිනය , දුරකථන අංක , පාස්පෝර්ට් නොම්මර ගුවන් යානයේ අංකය අසන නොම්මරය ඇතුළු සියලුම දේවල් , ඔහු ගෙදර පැමිණියාට පසු දින 16 වෙනිදා රාත්‍රියේ නිවේදනය කලා සියලු දෙනාම 17 වෙනිදා පොලිසියට ගිහින් ලියාපදිංචි වෙන්න කියල , උදේ යන්න ලැහැස්තිවෙලා ඉන්න කොට කිව එන්න එපා දුරකතනයෙන් ලියාපදිංචි වෙන්න කියල , එහෙම කරහම විස්තර ලියාගෙන කියල තිබෙනවා ග්‍රාමසේවක දැනුවත් කරන්න කියල, ඔහු එකත් කරලා ගෙදරට වෙලා හිටිය , දවස් 10 විතර යනකම් කවුරුවත් ඇවිල්ල නැහැ ඔහු බලන්න. ඉන්පසු නැවත ග‍්‍රාම සේවකට කතාකරහම කියල තිබෙනවා. මෙන්න මේ අංකය අහවල් මහජන සවුක්ය පරීක්ෂක වරයාගේ ඔහු දැනුවත් කරන්න කියල , මහජන සෞඛ්‍ය පරීක්ෂක කියල තිබෙනවා මට කවුරුවත් දැනුම් දුන්නේ නැහැ මම දන්නේ අද කියල.... හොඳම වැඩේ ගුවන්තොටුපලේ තිබෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යාලයෙන් අදාල මගියා පදිංචිවෙලා ඉන්න ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කරන එක , එතකොට මෙම කාර්යය ක්‍රමවත් වෙනවා .
වනචාරියෙක්ද? එතකොට ගෙදර අනික් එවුන්? උනුත් එහෙමද?
රට ඉදලා ඇවිත් වුවමනාවෙන්ම හැංගිලා ඉන්නවානම් කරන්න ඕනේ නිරෝදායනය නෙවෙයි කෙලින්ම වෙඩි තියලා දාන එක. මේ වගේ අය නිසා තමයි මුළු රටම විනාශ වෙන්නේ. අදිරිනිති අයින් කරන්නේ නැහැ මනුස්සයකුට රස්සාවක් කරගන්න විදියක් නැහැ පුදුම කරුමයක් වෙලා තියෙන්නේ.