IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


 ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි

කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යානසංචාරක හෝටල්පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි.

 
ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික සහ සංචාරක කේන්ද්‍රස්ථානය යි. ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල් සියල්ල වසා දැමිණි

වයිරසයේ අවදානම අඩු වීමත් සමඟ උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කිරීම සඳහා අවසර දීමට පරිපාලනය තීරණය කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
 
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීම කෙරෙහි පරිපාලනයේ අවධානය යොමු වී ඇත.
 
ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාකීර්ණම පාලන ප්‍රදේශයයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාලන ප්‍රදේශ හතකින් සමන්විතය.
 
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩුබායි නුවරට දවස පුරා ඇඳි නීතිය පනවා තිබිණි. අප්‍රේල් 24 වැනිදා සිට එය රාත්‍රියට පැය අටක් දක්වා අඩු කළේය. සීමිත පිරිසක් සඳහා අවහන්හල් සහ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට ද අවසර දෙන ලදි.

පොදු උද්‍යාන මේ වනවිට විවෘත කර ඇති අතර එක් ජන කණ්ඩායමක සිටිය හැක්කේ පස්දෙනකුට පමණි. ඒ අනුව මහජන ඒකරාශී වීම් පස්දෙනකුට සීමා කර ඇත. හෝටල් අමුත්තන් සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු වෙරළ තීරවලදී ද එසේ සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය
 
ඩුබායි නුවර ට්‍රෑම් සහ බෝට්ටු සේව විවෘත කළ ද එක් අවස්ථාවක එහි සිටිය හැක්කේ පස් දෙනකුට පමණි.
 
මුස්ලිම් දේවස්ථාන, සිනමාශාලා, පොදු වෙරළ තීර සහ රාත්‍රී සමාජ ශාලා තවමත් වසා දමා ඇත.
 
අල්ජසීරා
055 

 



අදහස් (2)

 ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි

පුජා Wednesday, 13 May 2020 01:49 PM

ඇත්තෙන්ම ශීත කාලයේදී ,සීතලෙන් හෙම්බත්ව සිටී බටහිර වැසි බොහෝ දෙනා , තම නිවාඩුව ගත කරන්න තොරා ගන්නේ ඩුබායි නගරයයි. විශේෂයෙන්ම එහි බෝට්ටුවෙන් ගොස් නගරයේ සිරි නැරඹීමට කුඩා ළමයින් හරිම කැමතියි . පුලුවන් අය ගිහින් එහි සිරි නරඹන්න....

:       0       0

Dushantha Thursday, 14 May 2020 03:23 AM

මොන දවසට ඩුබායි ඇරියත් ලංකාවේ මිනිස්සුන්ට කරදරයක් උනාම ඩුබායි එම්බසිය අරින්නේ නෑ. ගොඩක් අයගේ රස්සා නැතිවෙලා, කාමර කුලිට ගෙවන්න බැරුව ඉන්නේ. විදේශ විනිමය ගේනකොට විතරයි රටවිරුවෝ කියන්නේ. ඒත් ඩුබායිවල හිරවෙලා ඉන්න අනික් මිනුස්සු ගැන කවුරුත් හොයන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site