නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර ඇත.
මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් කාලයේදී රටටම ඇඳිරි නීතිය පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරිපාලනය පියවර ගත් අතර ලොක්ඩවුන් සීමා ද දීර්ඝ කළේය.
මේ අනුව ලොක්ඩවුන් සීමා ලිහිල් කරමින් සිනමාශාලා , කායවර්ධන මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන සහ විනෝදාස්වාදය සපයන ස්ථාන නැවත විවෘත කිරීමට බලධාරීන් අවසර ලබා දී ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද දැඩි නීතිරීති පැනවූ අතර ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ ඩුබායි නුවරට ය. අවදානම පහව ගොස් රටේ අනෙක් ප්‍රදේශවලට පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් කළ ද ඊට සාපේක්ෂව ඩුබායි නුවර සීමා ලිහිල් කෙරුණේ පසුව ය.
මේ අනුව ව්‍යාපාර කිරීමටත් සංචලනවලටත් කිසිදු සීමාවක් පැනවෙන්නේ නැති නමුත් ඒ සඳහා අවසර ඇත්තේ උදෑසන 6 සිට රාත්‍රී 11 දක්වා පමණි.
කෙසේ නමුත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ. ඊට අදාළ නීතිරීති ද දැඩිව ක්‍රියාත්මක වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීහු වැඩිදුරටත් කීහ.
අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි