
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් එරට සිවිල් හා දේශපාලන සහ වැසියෝ පිරිසක් එකතු වී ඊයේ (20) ධවල මන්දිරය ඉදිරියේදී විරෝධතාවක නිරත වූහ.
මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් ඒවා වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ඔවුහු එලෙස විරෝධතාවයේ නිරත වූහ.
‘‘ජනාධිපතිවරයා තවත් මිනීවල් කීයක් හාරනවාද ?’’ යනුවෙන් ඇතැම් විරෝධතාකරුවෝ එහිදි ප්‍රශ්න කළ අතර ඇතැම්හු ‘‘ට්‍රම්ප්ගේ අසාර්ථකත්වය අපේ අහිමි වීම’’ යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු බිම ඇතුරූහ.
මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට දැමූ අනුරූ බිම ඇතිරූ විරෝධතාකරුවෝ ධවල මන්දිරයේ ඉදිරියේ ව්‍යාජ අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වූහ. ඇතැම් හු කළු පැහැති බෑග් ආසන්නයේ සුදු පැහැති රෝස මල් ද තැබූහ.
‘‘ශෝක වීමේ දිනය’’ යනුවෙන් මෙම දිනය නම් කර තිබූ අතර මෙම විරෝධතාවට ඇමෙරිකාවේ සිවිල් සහ දේශපාලන සංවිධාන රැසක් මෙන්ම එරට වැසියෝ ද සහභාගී වී සිටියහ.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අද (21) පස්වරු වනවිට කොරෝනා ආසාදිතයන් 15,57,727ක් හඳුනාගෙන තිබූ බවත් කොරෝනා ආසාදිත මරණ 93,313ක් වාර්තා වී තිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
055



ඡායාරූප – ඒ.එෆ්.පී.
2025 දෙසැම්බර් මස 18
335
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා
Kumar (Gulf) Thursday, 21 May 2020 06:34 PM
ඩිමොක්‍රටික් හා ලිබරල් හරක් තමයි මෙහෙම හැසිරෙන්නේ...
chandima Thursday, 21 May 2020 06:38 PM
පේනවා නේද ඒ රටවල්වල තියෙන නිදහස..? මෙහෙ වුණා නම් කඳුලු ගෑස්, ජලතුවක්කු ප්‍රහාර කාලා පැනලා දුවන්න වෙනවා.
LalFriday, 22 May 2020 08:25 AM
ඔයවගේ අමන නිදහසක් නම් අපේ රටට ඕනෑම නැහැ.
දුටුගැමුණු Thursday, 21 May 2020 08:33 PM
කලබල වෙන්න එපා. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මේ මිහිපිට ජීවත් වන අවසන් අමෙරිකානු ලෝක බලවතායි.
Roshan Friday, 22 May 2020 07:55 AM
අපේ හිටපු කෙනාගේ ඇමරිකන් කොපිය.