බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කොවිඩ් 19 කොරෝනා රෝග ලක්ෂණ සහිත ව පානදුර මූලික රෝහල කරා පැමිණෙන පුද්ගලයන්ගේ ජෛව සාම්පල් ලබා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත කුටියක් පානදුර මූලික රෝහල වෙත කොළඹ චිත්‍ර සුමන මෝටර්ස් වෙතින් පරිත්‍යාග කිරීම අද (2) දින සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි තුමිය සහ සහකාර වෛද්‍ය අධිකාරී තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු සහභාගි වුහ.
රුපියල් ලක්ෂයක පමණ ප්‍රතිපාදන මේ සදහා වැය වී ඇත .


COMMENTS
මෙම පුණ්‍යකර්මයට දායකවූ සැමට යහපතක්ම වේවා !!!
කොහොම හරි කමක් නැහැ... ලෙඩේ සනීප කර ගත්තේ නැතිනම් භුමදානේ කරන්න වෙන්නේ ආර්ථිකයයි.
මෙම ක්‍රමය සාර්ථක නෑ. එකට හේතුව විස්බිජ නැතිකෙනෙක්ට ඇති කෙනෙක් ගෙන් ඉතා ඉක්මනින් යා හැකිවීමයි . අත් වැසුම් ලොකු නිසා අපේ මුහුණ පුරා අල්ලෙන නිසා තවද කටෙත් මෙම අත්වසුම වදිනවා. එවිට අනෙක් කෙනාට බෝවීම ප‍්‍රවණතාවය වැඩියි.
කොහොමත් මේ ලෙඩෙත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා සෑහෙන කාලයක්. මේ වගේ දේවල් අගය කළයුතුයි.
මෙම කුටියේ දක්‌නට ඇති අත්වැසුම් මගින් සාම්පල ලබාදීමට පැමිණෙන පුද්ගලයන් අතරේ රෝගය බෝවීමට ඇති අවදානම අධික වේ. මෙවන් නිර්මාණයක් කිරීමේදී සෞඛ්‍ය සේවකයින්ට අමතරව රෝගීන්ගේ ආරක්ෂාවත් සලකා නිර්මාණ කටයුතු කළ යුතුයි.