(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලය අද (22) පෙරවරුවේ විෂබීජ හරණය කොට ඇත.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ ආරක්‍ෂක රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් කොමිෂන් සභා කාර්යාලය මෙලෙස විෂබීජ හරණය කළැයි එහි නිලධාරීයකු පැවසීය.
අදාළ පොලිස් නිලධාරියා පොලිස් රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරු ඔහුට වයිරස් උණ වැළදී ඇති බවට නිගමනය කොට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී ඔහු රෝහලෙන් මුදාහැර ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයක් තියනකොට, මැතිවරණ කාර්යාලයේ එක උණ ලෙඩෙක් හම්බ වුනොත් මැතිවරණය බ්ලැකෑෂ්...
වයිරස් උණ හැදුණු කෙනෙකු නිසා මෙහෙම දෙයක් වුණා නම්, ඡන්දෙදී කොරෝනා රෝගියෙකු හමුවුනොත් එහෙම කට්ටිය දුවන්නේ රෙදිනැතුව.. නැද්ද මං අහන්නේ..?
පාස්කු ප්‍රහාරය යටගිහින්ද?