ප්‍රින්ස් රත්නායක

රත්නපුර ශික්ෂණ රෝහළ හා බළන්ගොඩ මුළික රෝහල් කාර්ය මණ්ඩලය මගින් දෙමසකට පසු රුධිර සංචිත ලබා ගැනීම සඳහා ප්‍රථම වරට ජංගම රුධිර සංචිත ලබා ගැනීම අද (10) බළන්ගොඩ කල්තොට බුදුගල රජමහා විහාරයේ දී ආරම්භ විය.

රටේ පවතින ආපදා තත්වය හමුවේ රුධිර සංචිත වැඩි කිරීමේ අරමුණින් මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කළ බව බළන්ගොඩ මූළික රෝහළ් රුධිර ඒකකයේ කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ. ජේකේ කෙතලාවල මහතා පැවසීය.

බුදුගල ශ්‍රී සූර්ය මහාරාජ දහම් පාසල සහ බුදුගල තරුණ බෞද්ධ සංගමය ද්වි වාර්ෂිකව පස්වන වරට මෙම වැඩ සටහන සංවිධාය කරනු ලබන්නේ බුදුගල පුරාණ රජ මහා විහාර වාසී සූර්ය මහාරජ දහම් පාසලේ ප්‍රධාන ආචාරය ශාස්ත්‍රපති බුදුගල හිමි පාණන්ගේගේ අනුශාසකත්වයෙනි.