IMG-LOGO

චීනයේ නගරයකට අගුළු දමයි

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ.

 
මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිබේ. කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්හ.
 
මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. ජිලින් නගරයේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ජීවත් වෙති. 

කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ මඟී බස් ප්‍රවාහන සේවා නවතා දැමීමට නගර බලධාරීහු පියවර ගත්හ. නගරයෙන් පිටතට යා හැක්කේ ‘කොවිඩ්-19’ පරීක්ෂාව කර වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු අයට පමණි.
  
ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ‘‘දැඩි ස්වයං-නිරෝධායන’’ සීමා පැනවීමට ද ජිලින් නගර බලධාරීහු පියවර ගෙන ඇත.

නගරයේ සිනමා ශාලා, ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථාන, අන්තර්ජාල කැෆේ සහ අනෙකුත් පොදු ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක කරන පරිදි වසා දැමීමට ද නගර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
කෙසේ නමුත් ඖෂධහල් විවෘත කර තබන්නැයි ද උණට ලබාදෙන බෙහෙත් අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන්නැයි ද නගර පරිපාලනය ඖෂධහල්වලට දැනුම් දී ඇත.

ජිලින් නගරයෙන් කොරෝනා ආසාදිත පොකුර හමු වී ඇත්තේ පසුගිය ඉරිදා (10) ය. ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් හමු වූ බවත් තවදුරටත් වයිරසය පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති බවත් ජිලින් හි උප නගරාධිපතිවරයා පැවැසීය.
 
 ඊයේ (13) දිනයේදී නගරයෙන් තවත් ආසාදිතයන් 6 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 21කි. නගරයේ රෙදි සෝදන මධ්‍යස්ථානයක සේවකයකුගෙන් ඔවුන් සියලු දෙනාටම වයිරසය ආසාදනය වී ඇත.
 
මේ අතර ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ බව සැක කෙරෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පසුගිය දින කිහිපයේදී ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ සියලු දෙනා ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ. නගරයේ ජනගහනය ලක්ෂ 110කි.
 
.එෆ්.පී.  
055

 


 

 



අදහස් (1)

චීනයේ නගරයකට අගුළු දමයි

sam Thursday, 14 May 2020 09:07 AM

උතුරු නැගෙනහිර නෙමෙයි යකෝ ... ඊසාන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 275 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site