IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


චීනයෙන් - ඉරානයෙන් ඇමෙරිකාවට විරෝධය

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත.

චීනය සහ ඉරානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

වර්ගවාදය ඇමෙරිකානු සමාජය තුළ මුල් බැස රෝගයක් යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියෑන්ග් අද (2) පැවැසීය. චීනයේ බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතාවලින් වර්ගවාදය කොතරම් විශාල ප්‍රශ්නයක් වී ඇත් ද යන්නත් එහ බරපතළකම මෙන්ම ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වය ද පෙනී යන බව ඔහු කීවේය.

ඇමෙරිකානු ආණ්ඩුව සහ පොලිසිය ඔවුන්ගේම වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි අවධාරණය කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි පැවැසීය.

‘‘අපි ඇමෙරිකානු බලධාරීන්ටත් පොලිසියටත් අවධාරණය කරනවා. තමන්ගෙම මිනිස්සුන්ට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය නවත්වන්න. ඔවුන් හුස්ම ගන්න දෙන්න’’ ඉරානයේ තෙහ්රාන් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්බාස් මුසාවි ඊයේ (1) පැවැසීය.

‘‘ඇමෙරිකානු ජනතාවට අපි කියන්න ඕනේ. ලෝකය ඔබ සමඟ සිටිනවා’’ යැයි ද ඔහු කීය. ඇමෙරිකානු පොලීසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉරානය කම්පාවට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

අල්ජසීරා

055



අදහස් (6)

චීනයෙන් - ඉරානයෙන් ඇමෙරිකාවට විරෝධය

Champa Tuesday, 02 June 2020 11:19 AM

හරියටම හරි. චීනයට සහ ඉරානයට මගේ ආචාරය. හැබැයි ලංකාවට කොන්දක් නැහැ එහෙම කියන්න. ලංකාවේ ඇමරිකානු පුරවැසියෙක් නැතුව ශ්‍රී ලාංකික පුරවැසියෙක් ජනාධිපති වුනා නම් ඉතාම අමානුෂික විදිහට සුළු ජාතිකයෙක් මරපු ඇමරිකාවට විරුද්ධව ඉස්සෙල්ලම කතා කරන්නේ ලංකාව... ජනාධිපතිවරණ කාලේ කැහගහපු ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් ඔක්කොම අද හැංගිලා... හරි නම් අද ඉන්න ඕනේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහයි.

:       581       512

harathaTuesday, 02 June 2020 12:19 PM

අපේ රටේ ගොන්නු නෑ. ඉස්සෙල්ලා කොරෝනා ඉවර කර ගන්න.. නැත්නම් පවුල් පිටින් යන්න වෙයි.

:       133       134

raviTuesday, 02 June 2020 12:33 PM

සහතික ඇත්ත, හිටිය ඔක්කොම අපි රට පැටෙව්වානේ.. දැන් අපේ රටේ ඉන්නේ හරක් විතරයි.

:       15       6

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 11:38 AM

ට්‍රම්ප් පාලනයත්, පොලීසිය කළ දේත්, ශිෂ්ඨ වූ කිසිවෙකු හට අනුමත කරන්නට බැහැ. ඒ වගේම චීනය හා ඉරානය ගැණත් චරිත සහතික දෙන්න බැහැ. ලොව පුංචි රටක් වන අප මේවා තියෙන්නට ගියොත් අපට වෙන්නේ අලින්ට උදව් කරන්නට ගිය වඳුරාට වෙච්ච දේයි. ඒ නිසා අප පැත්තකට බර නොවී මැදිහත්ව සිටීම නුවණට හුරුයි නේද?

:       209       265

Champa Tuesday, 02 June 2020 03:03 PM

ලංකාණ්ඩුවට ජාතිවාදී කියල, මානව හිමිකම් කඩ කරනවා කියල, සුළු ජාතින් මර්දනය කරනවා කියල බොරු චෝදනා කරපු ඇමරිකාවම එහෙම කරන කොට කතා කරන්න ලංකාවට කොන්දක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් උවමනාවෙන්ම කොරෝනාවෙන් මිනිස්සු මැරෙන්න ඇරිය. හේතුව වැඩිපුර මැරෙන්නේ කළු ජාතිකයන් නිසා. උදා: විදිහට චිකාගෝවේ ජනගහනයෙන් 30% යි කළු ජාතින්. හැබැයි කොරෝනාවෙන් මැරිච්ච මිනිස්සුන්ගෙන් 70% ක්ම කළු ජාතින්. ඇමරිකාවේ front-line workers බහුතරය කළු සහ දුඹුරු වර්ණ සමක් ඇති මිනිස්සු. කොරෝනා ගැන ට්‍රම්ප් වගේ වගක් නැතුව ඉන්නේ මැරෙන අති බහුතරය කළු ජාතින් නිසා. ලෝක ඉතිහාසයටම කළු පැල්ලමක් එකතු කරපු අති අමානුෂික චරිතයක්.

:       0       1

lanka Tuesday, 02 June 2020 03:22 PM

විමලේ කොලුවා වත් කට හොල්ලන්නෙ නැහැනේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 817 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site