(චමිල් රූපසිංහ)
ගවයෙකු මරා නිවෙස් වලට මස් බෙදා හැරි පුද්ගලයෙකු ගලගෙදර පරිපාලන මහජන සෞක්‍ය පරික්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන අද අධිකරණට ඉදිරිපත් කළේය.
ඔහු ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර නැවත ජුනි මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නදිකා පියරත්න මහත්මිය නියෝග කළාය
නිවසේ ගවයෙකු මරා අලෙවි කරනු ලබන බව ගලගෙදර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ජනතාවගෙන් ලද තොරතුරක් මත ගලගෙදර මඩිගේ පදිංචි මෙම සැකකරු ගේ නිවස මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පරික්ෂා කර ගලගෙදර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට මරා දමනු ලැබ සිටි ගවයා හමුවි ඇති අතර මේ සම්බන්දව මෙම සැකකරුගෙන් විමසු අවස්ථාවේදි ඔහු විසින් පවසා ඇත්තේ දානයක් සදහා මෙම ගවයා මරා මස් නිවෙස් වෙත බෙදා හැරි බවය.
බලපත්‍ර හා නිසි අවසරයෙකින් තොරව මනිස් පරිභෝජනය සදහා නුසුදුසු ගවමස් නිෂ්පාදනය හා බෙදා හැරිම යටතේ මෙම සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා ගලගෙදර පොලිසිය හා ගලගෙදර ප්‍රාදේශිය සභාවේ සහයෝගයද ලැබුණු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසුහ.
පිදුරුතලාගල රජයේ බිජ අර්තාපල් ගොවිපලේ පසුගිය කන්න තුනක් තුලදි රුපියල් 26,659,785 ක මුදලක් වැයකර බිජ අර්තාපල් කිලෝග්‍රැම් 247,500ක් නිෂ්පාදනය කිරිමට සැලසුම්ක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඇති කැපවී
එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ලංකා රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවේ චීනයේ බීජිං නුවරදී පැවස
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන්ට ඇති ඉල්ලුම පිළිබඳ අවධානය යොමු කරමින් ’ඇල්ල ඔඩිසි කැන්ඩි’ ලෙස මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ නව දුම්රියක් ආරම්භ ක
වරායේ හිර වී ඇති බහලුන්වලින් පසුගිය පැය 24 තුළ බහලුම් 681 ක් නිෂ්කාශනය කර නිදහස් කළ බව වරාය අමාත්‍යාංශය පැවසීය.
ඇල්පිටිය , ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ගවමස් බෙදා හැරි අයෙක්ට ලක්ෂයක ශරීර ඇප
jagath Monday, 30 March 2020 11:49 AM
ඔකද නිතිය..?
Champa Monday, 30 March 2020 11:57 AM
දානයකට ගවයෙක් මැරුව? කොහොමද බොරුව. හාමුදුරුවරු ගවමස් කන්නෙත් නැහැ. දාන වලට ගවමස් දෙන්නෙත් නැහැ. අහිංසක සතෙක් මරලා හරි මුදල් හම්බ කරන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මෙවන් කාලකන්නිත් ඉන්නවා.
kamal Monday, 30 March 2020 12:04 PM
අපේ සිංහල බෞද්ධයෙක් නෙමෙයි නේද?
lanka Monday, 30 March 2020 12:08 PM
ඔය පාරවල් ගානේ සහ සියලුම මස් කඩ වල එල්ලලා තියෙන්නේ හරිනම් මිනිස් පරිබෝජනයට නුසුදුසු මස් තමයි . මොන ක්‍රමේටද දන්නේ නැහැ පී එච් අයි මහත්තුරු මේවා මිනිස් පරිබෝජනයට සුදුසුයි කියල තීරණය කරන්නේ
Prabha Monday, 30 March 2020 01:12 PM
ඇප පිට නිදහස්... එහෙමත් සත්තු මරන්න පුළුවන්ද හිතුමතේට?
lalithm Monday, 30 March 2020 02:02 PM
මිත්‍යාවට තවදුරත් රජකරන්න නීතියෙන් ඉඩ දීම හොඳ නැහැ. මෙවැන්නන් සමාජයේ පිළිකුලට භාජනය කරවිය යුතුයි.