පුද්ගලයින් 1500 දෙනකු ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16 කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඇති බවත් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම උපදෙස් කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , පොලීසිය සහ යුද හමුදාව ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයා මේ බව කීවේය.
මෙම වයිරස් තත්ත්වය හේතු කරගනිමින් ලංකාවේ දැන රැදී සිටින විදෙස් ජාතිකයින් සඳහා හිරිහැර නොකරන ලෙසද රජය විසින් ඔවුන්ට කිසිදු තහනමක් පනවා නැතැයිද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගෙවල් වල සිට නිරෝධායනය වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මෙය භයානකයි. වයසක අය ගෙවල් වල ඉන්නවා. ලංකාවේ බොහෝ නිවෙස්වල තියෙන්නේ එක වැසිකිලියයි එකත් අන්ත අපිරිසිදුයි. මුරකාවල් යොදන්න.
ඉතාලියෙන් හා කොරියාවෙන් පැමිණි අය, නොරෝධය කලාට බ්‍රිතාන්‍යයෙන් පැමිණි උගත් වැදගත් අයව, ඔවුන්ගේ නිවෙස් වලට යවා නිරෝධනය කරන එක හොඳයි.
අපේ රටේ විතරයි මේ නිරෝධන ජාති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. එකක් "ස්වයං" නිරෝධනය අනිත් එක "ස්වයං" නිරෝධනය. ඒ කියන්නේ එනමිනිස්සුන්ට යන්න දීල පස්සේ පොලිසිය දාල හොයා හොයා යනවා නිරෝධනය කරන්න. ඔහොම ගියොත් ලාබෙට දෙන පරිප්පු තමා කන්න වෙන්නේ. දේසපාලුවන්ගේ මේ වගේ තකතීරු වැඩ නිසා අපේ සෞඛ්‍ය සේවයේ පොලිසියේ සහ හමුදාවල දෙවිවරු වගේ මිනිස්සු කරන අසාමාන්‍ය කැපකිරීම අපරාදේ කියලත් හිතෙන වෙලාවල් තියෙනවා.
මුලින්ම කිවේ 15 වෙනිදට පස්සේ ආව සියලුදෙනාම නිරෝධනය කරනවා කියලා දැන් කියනවා 18 වෙනිදා අපු කට්ටිය 1500 ගෙදර යැවුවා කියලා. , මේ ඔක්කොම නිරෝධනය සදහා යොමු නොකරන්නේ මොකද ? මේවා හරියට කරන්නේ නැතිනම් අපි ඇදිරිනීතිය දමාගෙන ගෙවල් වල සිටීමේ තේරුමක් තිබෙනවද ?
මොකක්ද මේ විහිලු කතාව අනිත් අයටත් කරන්න තිබ්බනේ
අර ලන්ඩන් ඉදන් ආපු ගුවන් යානයත් ඊයේ නේද ආවේ ? ලොකු ලොකු උදවියගේ ළමයින් එහෙමත් එන්ඩ ඇති නේද ?
මෙච්චර ගෙන්නුවේ අපේ රටේ රෝගීන් මදි නිසාද ?
ලෝකෙම ගිනි ගත්තත් දවසක නිවාඩුවක් ලැබුණාම රට පුරා දුවන මිනිස්සු ඉන්න රටක ස්වයං නිරෝධනය??. පාලකයන්ට මෙච්චර තේරුමක් නැති ද?