IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංචාරක සීමාවන් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරමින් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දින දක්වා දීර්ඝ කර තිබේ .

එහෙත් රජයට සහාය දැක්වීම සදහා අත්‍යාවශ්‍ය බෙහෙත් ඖෂධ , වෛද්‍ය සම්පත් සහ උපකරණ සහ අත්‍යාවශ්‍ය සේවා සදහා පහසුකම් සැපයීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ගුවන් භාණ්ඩ ප්‍රවාහන ජාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ .

මෙමගින් අවදානම් කාලපරිච්ඡේදය තුළදීත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ විනිමය ආදායම රට තුළට ගෙන ඒමට ඒ අනුව කටයුතු කරමින් සිටිති .

එමෙන්ම විදේශ රටවල සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් , අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරමින් සිටිති .

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු , ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් හෝ ළගම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයෙන් විමසීමෙන් හෝ +94117771979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com  වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය .



අදහස් (1)

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

nirosha Saturday, 25 April 2020 09:15 AM

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් ලාභ ලැබීමට නම් නැවතවරක් නිශාන්ත වික‍්‍රමසිංහ පත් කරන්නකෝ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site