IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාලු කොටුවේ සංචාරක හෝටලයක් වහයි- සේවකයන් නිරෝධායනයට

(ඩී.ජී.සුගතපාල)
 
කොරෝනා ආසාධිත වු සංචාරකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරා නරතව සිටි ගාල්ල කොටුවේ සංචාරක හෝටලයක් වසා එහි සේවක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇත.
 
මෙම හෝටලයේ නතරව සිටි එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු පසුගිය 17වනදින ලංකාවෙන් පිටව ගොස් ඇති අතර එයට දින කිහිපයකට පසු එම දෙදෙනාගේ රියදුරු ලෙස සේවය කරන ලද නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාධනය වීම නිසා අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර තිබේ.
 
ඔහුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව මෙසේ හෝටලය වසා සේවක පිරිස නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇත.මේ අතර එංගලන්ත ජාතිකයින් දෙදෙනාටද කොරොනා වැළඳීම නිසා එරට රෝහල් ගතකර ඇති බවද අනාවරණයවි ඇත.
 
දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුවේ ඔවුන් ඇසුරු කරන ලද පුද්ගලයින් 83ක්ද හඳුනා ගෙන ඇති බවය.
 
හෝටලයේ කළමනාකාර විදේශිකයා ඇතුලු සේවකයින් කිහිප දෙනෙකු හෝටලය තුලම නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙක් සේවක පිරිස නිවෙස්වලට යවා ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇත.



අදහස් (1)

ගාලු කොටුවේ සංචාරක හෝටලයක් වහයි- සේවකයන් නිරෝධායනයට

සෙනෙවිරත්න Tuesday, 24 March 2020 06:50 AM

මෙහෙම තමයි රෝගය සමාජගත වෙන්නෙ;...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site